theleaderlk 01

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සිය කැබිනට් අමාත්‍යධුරවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.


අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේ පැවති මැති  ඇමතිවරුන්ගේ රැස්වීමේදී කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පළමුවෙන් ප්‍රකාශකර ඇත්තේ නාමල් රාජපක්ෂයි.

තමාගේ ඉල්ලා අස්වීම මේ මොහොතෙසිට ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයාට දැනුම්දෙන ලෙස නාමල් රාජපක්ෂ රැස්වීම අවසන් වූ වහාම ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට දැනුම් දී ඇත.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව, සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණ කැබිනට් ඇමතිවරයා ලෙසත්, ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමතිවරයා ලෙසත්, කටයුතු කළේය.

රට තුළ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සැලකිල්ලට ගනිමින්, ඔහු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වනබව දැනුම් දී ඇති අතර අද පෙරවරුවේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත බාරදෙන බව ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකු පැවසිය.



ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිත් ඉල්ලා අස්වේ


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු මේවනවිටත් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත. මෙම අර්බුදකාරී අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ලිඛිතව දැනුම්දුන් ආණ්ඩුපක්ෂ ඇමතිවරයා ශ්‍රීලනිප මහ ලේකම්වරයාය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහත පළවේ.


Daya 2022.04.04 1





මත ගැටුම් මැද කැබිනට් මණ්ඩලය ම ඉල්ලා අස් වෙයි




මේ අතර රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ම ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපි ඇමතිවරුන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඊයේ රාත්‍රියේම භාර දෙනු ලැබ ඇති අතර, එය අගමැතිවරයා විසින් ජනාධිපති වරයා වෙත අද (04) පෙරවරුවේ බාර දීමට නියමිතය.


මේ අතර ඊයේ රාත්‍රී පැවති සාකච්ජාවේදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අතර එම සාකච්ඡාවේදී මත ගැටුමක් ඇති වූ බවද වාර්තා වේ. ඒ ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙනි.



රටේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කල බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසිය.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ අද හෙටම දිවුරුම් දීමට නියමිත බවත් ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වීඩියෝ
"වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!


The Leader TV අද වීඩියෝ 
  
 
 
 

Leader Whats app