leader s

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක අද (අප්‍රේල් 16) පස්වරුවේ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණි අවස්ථාවේ තරුණයින් පිරිසක් විසින් හූ කියමින් ඔහුට විරෝධය

පළ කරනු ලැබ තිබේ.

ඌරුබොක්ක, හීගොඩ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදු වී ඇති අතර විරෝධය පළ කිරීමත් සමග ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

අදාළ තරුණයින් මන්ත්‍රීවරයාට "පට්ට හොරු" යැයි ප්‍රකාශ කරමින් සිය විරෝධය පළ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ජනාධිපතිවරයාගේ සොයුරියගේ පුත්‍රයෙකි.





පක්ෂය පාවාදී ඇමතිකන් ගත් ශාන්ත බණ්ඩාර හඬා වැටේ




මේ අතර තමන්ගේ නිවස ඉදිරිපිට කෑ ගසමින් විරෝධතාවන් සිදු නොකරන ලෙස නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එලෙස කෑ ගසා උද්ඝෝෂණය කරන විට තමන්ගේ කුඩා දියණිය බිය වන බවත් එවිට ඇයට ආහාර ගැනීමට පවා නොහැකි බවත් පවසමින් ශාන්ත බණ්ඩාර ඇමතිවරයා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හඩා වැටුනේය.

හැඩූ කඳුලින් ශාන්ත බණ්ඩාර සදහන් කළේ තමන් ආණ්ඩුවට එක්වීමට මුදල් ලබාගත් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහසක් පක්ෂයේ පිරිසක් තම චරිතය ඝාතනය කරන බවයි.

ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාගැනීමෙන් අනතුරුව ඊට එරෙහිවූ ප්‍රදේශවාසීන් පිරිසක් බණ්ඩාර ගේ මහරච්චිමුල්ලේ පිහිටි නිවස වටලා දැඩි විරෝධයක් පලකළේය.

 

The Leader TV අද වීඩියෝ 

 

 

Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්