1200 x 80 DMirror

රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක්

පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එම මන්ත්‍රීවරුන් පෙරදා (19) කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් ලිපියක් ද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

නව අගමැතිවරයකු යටතේ ,සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසද එම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.

මෙම මන්ත්‍රීවරුන් 13 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසක් බව ද දැනගන්නට ඇත.

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ , කුමාරසිරි රත්නායක, කේ පී එස් කුමාරසිරි, රාජිකා වික්‍රමසිංහ, අකිල එල්ලාවල, ලලිත් එල්ලාවල ,අජිත් රාජපක්ෂ,උපුල් ගලප්පත්ති, සුදත් මංජුල යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු මෙම ලිපියට අත්සන් තබා ඇතැයි දැනගන්නට ඇත.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරුන් ලිපියෙන් දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.


 

 

 

 

 

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය