රාජපක්‍ෂ ආණ්ඩුවට සහයෝගය ලබා දෙමින් නිලතල ලබාගන්නා කඳුකරයේ දේශපාලනඥයන්ට එරෙහිව

වතු කම්කරු ජනතාව අතරින් මතුවන විරෝධය උග්‍ර වෙමින් පවතී.

අලුතින් අමාත්‍ය ධුර භාරගත් දෙමළ මන්ත්‍රීවරයකුට කඳුකර ජනතාව වීදි බැස විරෝධය පලකර තිබුනේ ඡායාරූපයක්ද ගිනි තබමිනි.

කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඒ.අරවින්ද කුමාර්  20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරමින් රාජපක්‍ෂ ආණ්ඩුවට එක් වුයේ වතු කම්කරුවන්ගේ විරෝධය මැදය.

ඉකුත් දා පැවති ඇමැති මණ්ඩල සංශෝධනයේදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් බාර ගත් ඔහුට එරෙහිව හැටන් හැටන් ස්ට්‍රැත්ඩන් වතුයායේ කම්කරුවෝ ඊයේ [21] දිනයේ වැඩ වරා විරෝධය දැක්වූ බව කඳුකරයේ මාධ්‍යවේදියෝ පවසති.

කැබිනට් ඇමැති ධුරයක් අපේක්ෂාවෙන් සිටී අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාගේ බලාපොරොත්තු බිඳ වැටීමත් සමගින් මාධ්‍ය නිවේදනයක් මගින් කියා තිබුනේ ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන්නේද නැද්ද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.



ඒ හා සමගම ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමාන් කලක් හොබවා පසුගියදා අත්හැර දැමූ වතු නිවාස සහ ප්‍රජා සුභසාධන රාජ්‍ය ඇමැතිකම ඔහුට පිරිනැමිණි.

ස්ට්‍රැත්ඩන් වතුයායේ වතු යායේ කම්කරුවන් ඊට විරෝධය දක්වමින් රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් හෙලා දුටුවේ කඳුකර ජනයාගේ ද්‍රෝහියකු ලෙසිනි.

ඇමතිවරයාගේ අනුරුවක් ගිනිබත් කිරීමට ද උද්ඝෝෂකයන් ක්‍රියා කර තිබේ.

මහජන විරෝධය හමුවේ තවත් ජනාධිපති හා අගමැති පුටුවල රැඳී සිටින රාජපක්‍ෂ සොහොයුරන්ට ද විරෝධය දැක්වූ මෙම වතු කම්කරුවෝ පෙන්වා දුන්නේ දිනෙන් දින ඉහල යන බඩු මිල හමුවේ ඔවුන් ඉතාමත් අසරණ වී ඇති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර තුනක් ගත වුවත් ඉන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව මෙතෙක් අසමත් වීමට ද මෙහිදී විරෝධය පළ කෙරිණි.

11111111111111222 1

11111111111111222 3

11111111111111222 2

 

 


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්