leader s

මුදල් අමාත්‍යවරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති රැස්වීම් පිළිබඳව සභාව දැනුවත් කිරීමට හැකිවන පරිදි ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන කරවන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන්

ඉල්ලීමක් කර තිබේ.

ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාර්ග සිතියමක් සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාවකට පැමිණිය යුතු බව ද ඔහු  වැඩිදුරටත් පවසා තිබේ.

ඔහු එම කාරණා සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත්කරමිනි.


Screenshot 2022 04 23 at 12.36.58 PM



කතානායක මැතිසබේ පිරිතත් කල් දමයි



මේ අතර පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.

සැලකිය යුතු වියදමක් දරා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කම ගැන පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු මුදලක් වැය කරමින් එවැනි කටයුතු සංවිධානය කිරීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.

මෙම පිරිත් පින්කම අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අනිද්දා  (25) සහ ලබන (26) වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.
 
 

" මේ වෙලාවේ  පාර්ලිමේන්තුව ප්‍රමුඛත්වය දෙන්න ඕන මොනවටද කියලා තේරුම්ගන්න ඕන මහත්තයෝ " 
 
 

මේ අතර පාර්ලිමේන්තු නිලධාරීයකු මෙම පිරිත් පින්කම සඳහා නායක ස්වාමීන් වහන්සේලා පිරිසකට ආරාධනා කිරීමට පසුගිය දිනෙක උන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවලට  ගොස් ඇති අවස්ථාවේදී එක් නායක භික්ෂූන් වහන්සේ නමක් " මේ වෙලාවේ  පාර්ලිමේන්තුව ප්‍රමුඛත්වය දෙන්න ඕන මොනවටද කියලා තේරුම්ගන්න ඕන මහත්තයෝ " යනුවෙන් දැඩි කණස්සල්ලෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්