leader s

නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කිරීම අද (05) දිනයේ සිදුකිරීමට නියමිතය.


 මීට පෙර ප්‍රකාශ කෙරුණේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පළමු කාර්යය ලෙස නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත්කර ගනු ඇති බවයි.

කෙසේවෙතත් ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා ඡන්ද විමසීමක් අද දිනයේ පැවැත්වෙන බවයි.

මීට පෙර එම ධුරයේ කටයුතු කළ රංජිත් සියඹලාපිටිය ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබු අතර එම ඉල්ලා අස්වීම තමන් පිළිගන්නා බව ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව අද දිනයේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමට නියමිතය.

මෙහිදී නියෝජ්‍ය කතානායක ධුරය සඳහා 'ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කිරීමට නියමිත අතර ඒ සඳහා සමගි ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය හා ජාතික ජන බලවේගයේ ද සහය හිමිවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.


නියෝජ්‍ය කතානායක ධුරය සදහා ආණ්ඩුවේ පාර්ශවයෙන් කෙනෙකු ඉදිරිපත් කිරීමේ සුදානමක් පැවතියද, එහිදී 'ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ අපේක්ෂකයා පරාජය කිරීමට තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් සොයා ගැනීමේ බරපතල අර්බුදයකට මේවනවිට බැසිල් රාජපක්ෂ මුහුණදී සිටින බව වාර්තාවේ.



ඒ අනුව, අද දිනයේ දී නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ආණ්ඩුවේ පාර්ශවයෙන් කිසිවකු ඉදිරිපත් නොකිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

 
 
 
 

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්