ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව, අර්බුදයට විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබාදීමට

තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර ඇත.

SJB latter 2022 1


වර්තමාන ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල සහ පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා වන මුලික අවශ්‍යතාවයක් ලෙස සලකන බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව රට තුළ පවතින බැරෑරැම් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳ සමගි ජන බලවේගයේ අවධානය යොමුකළ බව ද එහි සඳහන් ය.

මෙරට ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ කරුණු 13කින් සමන්විත යෝජනාවලියට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අද එලෙස සහයෝගය ලබාදීමට තිරණය කර තිබේ.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනාවලියට කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත ජාතික සමගි අන්තර්වාර රජයක් පිහිටුවා, පාර්ලිමේන්තුව තුළ සියලු දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අගමැතිවරයකු පත්කර ගැනීම, එම රජය උපරිම මාස දහඅටක කාලයක් ක්‍රියාත්මක වීම සහ විධායක ජනාධිපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කිරිම ඇතුළු කරුණු ඇතුළත්ය.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිත් කළ යෝජනා මාලාව පහතින් දැක්වේ.

Bar Latter 2022 1
අගමැතිකම බාරගන්නයි සජිත්ට ආරාධනයක් !



සජබ නායකයා විසින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ හදිසි රැස්වීමක් අද (07) දිනයේ කැඳවා ඉහත තීන්දුව ගෙන ඇත්තේ, ජනාධිපතිවරයාගේ ලැබුන ආරාධනයකට අනුව ගතයුතු තීන්දු තීරණ ගැනීම සඳහාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර එහිදී විපක්ෂ නායකවරයාට අගමැතිකම බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආරාධනා කොට තිබේ.

මීට අමතරව අගමැතිකම බාර ‌නොගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 113ක බහුතරයකගේ අස්සන් ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ‌යෝජනාවක් සම්මත කරන ලෙසත් එවිට තමන් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස ට දැනුම් දී ඇත.

මෙහිදී විපක්ෂනායකවරයා සදහන් කොට ඇත්තේ තමන් තනි තීන්දු නොගන්නා බවත්, මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කොට පිළිතුරු ලබා දිය හැකි බවත්ය.

ඒ අනුව සජබ අද රැස්වීමේදී යෝජිත අන්තර්වාර ආණ්ඩුවට එකඟතාව පළකර ඇතත්, අගමැති ධුරය හා අමාත්‍ය ධුර බාර ගැනීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ නොමැත. විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් සිය තීරණය හෙට දිනයේ දී ප්‍රකාශ කරනු ඇතැයි වාර්තාවේ


 Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්