අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අද (09) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.


අද (09) දිනයේ අරලියගහ මැදුරට කැඳවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමුවේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයා බලාපොරොත්තුව සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

කෙසේවුවද බැසිල් රාජපක්ෂ විසින් පොහොට්ටු පක්ෂයේ හිතවතුන් දහස් ගණනක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති අතර එහිදී පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හමුවීමට සූදානම් කර ඇත. ඒ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමට බව දේශපාලන ආරංචි සඳහන් කරයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් වේ. ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කරයි.

තමා සඳුදා (09) අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනබව මහින්ද රාජපක්ෂ පසුගිය සිකුරාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට හා අමාත්‍ය මණ්ඩලයට පොරොන්දු වී තිබු අතර ඒ අනුව ආණ්ඩුව බාර ගන්න ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය සෙනසුරාදා විපක්ෂ නායකයා වෙත ආරාධනය කර තිබිණ.



නාමල්ගෙන් ඉඟියක් !



අගමැතිධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සූදානම් වන බවට වන ආරංචි පැතිර යද්දී, අගමැතිධූරය තමන්ට මහ ලොකු කජ්ජක් නොවන බව පවසන වීඩියෝවක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ ෆේස් බුක් ගිණුමට ඇතුළත් කර ඇත.

මහින්ද රාජපක්ෂ දින පනස් දෙකේ ආණ්ඩුව පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී කළ කතාවක කොටසක් මේ ආකාරයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එසේ සිය ෆේස් බුක් පිටුවේ පළ කර තිබේ.

තමන්ට අගැමතිකම කජ්ජක් නොවන බවත්, අගමැති වුනත්, මන්ත්‍රීවුනත්, නිකම් මහින්ද රාජපක්ෂවුනත්, මහින්ද රාජපක්ෂ මහින්ද රාජක්ෂම බව ඔහු එහිදී සදහන් කරයි.



විශ්වාසභංගයට අද දින නියම කරයි !


මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද (09) පැවැත්වීමට නියමිතව ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එය ආරම්භවීමට නියමිතය.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇත.

විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම ද අද (09) දිනයේදී සිදුවනු ඇතැයි වාර්තා වේ.

 

 Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්