අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වී එහි ඉදිකර ඇති අට්ටාල ඉවත්

කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ ට සහය දක්වමින් අද ( 09)  උදෑසන අරලිගහ මන්දිරයට පැමිණි පිරිස් අගමැතිවරයා හමුවීමෙන් පසුව එම ස්ථානයෙන් පිටත්ව ගෝල්ෆේස් දක්වා ගමන් ඇරැඹු අතරතුර අගමැතිවරයාට ඉවත්වන්නැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමීව විරෝධයේ නිරතවන පිරිසට  අමානුෂික ප්‍රහාරයක් එල්ල කළේය.  

එහි ඉදිකර ඇති අට්ටාල කඩා බිද දැමීමටද එම පිරිස් කටයුතු කළහ. ආණ්ඩුවට එරෙහිව සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිසට පහරදෙමින් ඔවුන්ගේ අට්ටාල කඩා දමා ඒවා ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි.

මාධ්‍යවේදීන් පිරිසට ද එම මැර පිරිස විසින් පහරදී ඇත.

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්