leader s

හිටපු අගමති රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිව්රුම් දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අගමැතිවරයා අනිද්දා දිනයේ දිව්රුම් දෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අද පස්වරුවේ ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා අතර තීරණාත්මක සාකච්ජාවක් පැවති බවත් එහිදී අදාල තීන්දුය ගත් බවත් එම නිලධාරියා කියා සිටියේය.


ජනාධිපති කාර්යාල භුමිය ඉදිරිපිට සිදුකෙරෙන සාමකාමී උද්ඝෝෂණයට කිසිඳු බාධාවක් නොකරන්නැයි රනිල් වික්‍රමසිංහ මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟත්වය පලකළ බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රධානියකු වන හරින් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ වෙත සහය ලබාදීමට ඉදිරිපත්ව ඇතැයි පැවසේ.

සජබෙන් වෙන්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද පස්වරුවේ සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබිණ.

රට බරපතල අර්බුදයකට මුහුණදී සිටින මොහොතක විපක්ෂය වෙතද විශාල කාර්ය භාරයක් පැවරී ඇති බැවින් අගමැති ධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් මැයි 09දා පක්ෂ නායකයා වෙත කළ ඉල්ලීමට අනුව ආණ්ඩුව බාර ගනිමින් ජනතාවට සේවයක් කරමු යයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු කිහිප දෙනෙකු ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ද ඉල්ලීම් කර තිබිණ. 

 

Leader Whats app

 

 

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්