leader s

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද පස්වරු 6.30 ට අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිව්රුම්දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.


ඔහු අගමැතිවරයකු ලෙස දිව්රුම් දෙන්නේ 6වන වරටය.

නව ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධව 'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වලට අනුව එම සාකච්ජා පවත්වා ඇත්තේ, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ නිවසේය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ පිහිටුවීමට යන නව ආණ්ඩුවේ වැඩපිළිවෙළ සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු වී ඇතැයි පැවසේ.

සමගි ජන බලවේගයේ සුළු පක්ෂවලට අයත් මන්ත්‍රීවරු කිසිවෙක් මේ සඳහා සහභාගී වී නොමැති අතර ඔවුන් ද ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට පැමිණෙන බව මේ සම්බන්ධව කළ විමසුමක දී සමගි ජන බලවේගයේ  ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරයෙක් 'lankasara.com' වෙබ් අඩවියට පවසා ඇත.

අග්‍රාමාත්‍ය ධුරය හා නව ආණ්ඩුව පිහිටුවීමේ වගකීම සජිත් ප්‍රේමදාස දිගින් දිගටම පැහැර හැරීම නිසා මෙම තීරණය ගත් බව ඉහත මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.



කැමති උනත් අකමැති උනත් කැමති වෙන්න වෙන්නෙ රනිල්ට!



මේ අතර සිදුවෙන්නට යන ආර්ථික කම්පනය හමුවේ ජීවිත හා අනාගතය විනාශවීමට පෙර, රටට ඩොලර් ගෙනෙන්නට හැකියාව ඇති දැනට පිටියේ සිටින එකම දේශපාලකයා රනිල් වික්‍රමසිංහ බව අවධාරණය කරමින් #likeranil හෑෂ්ටෑගය යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් අදහස් දක්වමින් සිටියි.

ඔවුන් පවසන්නේ මේ මොහොතේ වහාම රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ආ යුතු බවයි.

 රට විශාලාවක් වීමට ඔන්න මෙන්න කියා තිබියදී, ඉතිහාසය විසින් රනිල් වික්‍රමසිහංට දෙනු ලබන අවසාන අවස්ථාව මෙය වන බව ද එම සමාජ මාධ්‍යය මෙහෙයුම හරහා ප්‍රචාරය කරමින් සිටියි.

ඉන් පොස්ටු කිහිපයක් පහත පළවේ. 

 

Post 2022.05.12 1

Leader Whats app

 

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්