leader s

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තබා දේපළවලට හානි කිරීමේ සිද්ධීන් වාර්තා වූ සෑම පොලිස් වසමකටම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ කොට්ඨාස භාර නිළධාරීන් පත් කර

ඇත්තේ එම දේශපාලකයින්ගේ බලපෑම මත බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසයි.

 ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදිය.

එහිදී අදාළ ගිනි තැබීමේ හා දේපළ හානි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බවට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පොලිස්පතිවරයාට දෝෂාරෝපණය කර තිබිණ.

 එහිදී තමන්ට දෝෂාරෝපණය කළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගෙන් පොලිස්පතිවරයා විමසා ඇත්තේ අදාළ මැති ඇමතිවරුන් ජීවත් වන ප්‍රදේශවල කොට්ඨාස භාර පොලිස් නිළධාරීන් පත් කිරීමේ දී ඔවුන් එම තනතුරු සඳහා නුසුදුසු බව තමන් ප්‍රකාශ කළත් එම නිළධාරීන් පත් කරන ලෙස බලපෑම් නොකළේද යන්නයි.

සිය අධීක්ෂණය යටතේ නිසි සුදුසුකම් මත පත් කළ ප්‍රාදේශීය පොලිස් ප්‍රධානීන් සිටින කිසිදු ස්ථානයක එවැනි තත්ත්වයන් උද්ගත නොවූ බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ සමඟම එම රැස්වීමේ දී පොලිස්පතිවරයාට දෝෂාරෝපණය කළ මන්ත්‍රීවරුන් නිෂ්ශබ්ද වී ඇත.

(nethnews.lk)

 

Leader Whats app

  

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්