ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස ජනතාව දිගින් දිගටම බලපෑම් කරද්දී ආණ්ඩුවේ නියෝජිතයා ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන බවට කඳුකරයේ දේශපාලන පක්‍ෂයක් නිවේදනය කර තිබේ.

''රටේ ජනතාව කිව්වේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට අයින් වෙන්න කියලා. ඒ ඉල්ලීමට එකඟව තමයි සමගි ජනබලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් කිව්වේ ජනාධිපති ඉල්ලා අස්වුනොත් ආණ්ඩුව බාර ගන්නවා කියලා. ඒත් ඒ තීරණයට පිටින් රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලාගේ නියෝජිතයා වගේ කටයුතු කරලා අගමැතිකම බාර ගත්තා,'' යැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක, කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් පවසයි.

කඳුරට මාධ්‍යවේදීන් නුවරඑළියට කැඳවූ රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවගේ ඉල්ලීම ඉවත හළ රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබා දීමට කඳුරට ජනතා පෙරමුණට නොහැකි බවයි.

''මෙතන කිසිම වෙනසක් වෙලා නැහැ. රාජපක්ෂ ගියා රනිල් ආවා. එච්චරයි. මේක රටේ ජනතාව පිළිගන්නේ නැහැ.''

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලා අස්විය යුතු බවට අදහස් කරන කඳුරට ජනතා පෙරමුණ තව දුරටත් විපක්‍ෂයේ සිට ක්‍රියා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රාධාක්‍රිෂ්ණන් කියයි.

''රනිල් වික්‍රමසිංහ පස් වතාවක් මේ රටේ අගමැති වෙලා තියෙනවා. මෙය ඔහුගේ හයවැනි ධුර කාලයයි. පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරපු රනිල් වික්‍රමසිංහට ඡන්ද 20,000ක්වත් ලබා ගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවට  ආවේ ජාතික ලැයිස්තුවෙන්, ඔහුට ජන වරමක් නැහැ.''

Leader Whats app

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්