leader s

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් බවත්, සඳුදා එය අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යා මණ්ඩලය අනුමත කළ වහාම එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමේ කටයුත්ත සිදුකරන බවත් ඇමතිවරයා කියයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු ඊයේ (20) පස්වරුවේ මාධ්‍ය අමතමිනි.


ද්විත්ව පුරවැසියන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම මෙම සංශෝධනය ගෙනඒමේ එක් පරමාර්ථයක් බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේය.


ඇමතිවරයා එහිදී මෙසේද පැවසුවේය.

'' මෙහිදී අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වෙනස්කම් සිද්ධ කළේ ජනමත විචාරණයකට නොගිහින් කරන්න පුලුවන් සංශෝධන පමණයි. අපි මේ හදිසි අවශ්‍යතාවය නිසා ඒ ප්‍රමාණයට අවශ්‍ය සංශෝධන කරනවා. ''

'' නමුත් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා දැනට පසුගිය පාර්ලිමේන්තු කාලයේ පාර්ලිමේන්තු සභාවක් විදිහට එකතු වෙලා හදපු ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳ යෝජනා තියනවා. ''

''වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ එතුමා පත් කරපු විශේෂඥ කමිටුවක කෙටුම්පතක් තියනවා.''

''මේ රටේ  උතුරු නැගෙනහිර ජනතාව කරන ලොකු චෝදනාවක් තියනවා මේ බලතල බෙදීම සම්බන්ධව. ඒ සෑම පාර්ශවයක් එක්කම සාකච්ඡා කරලා සම්මුතිකවාදී විදිහට ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා.''



විජයදාස රාජපක්ෂ රාජකාරී ආරම්භ කරයි



නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සිය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කළේය.

අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නෙ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් විය.

Leader Whats app

  

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්