leader s

වසර දෙකක් පමණ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ධූරය දැරූ මහාචාර්ය ජයනාත් කොළඹගේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.


හිටපු නාවික හමුදාපතිවරයකු වන හෙතෙම ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් ධූරයක් දරමින් සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විදේශ කටයුතු ලේකම් ධුරයට පත්කරනු ලැබිය.

පෞද්ගලික හේතු මත තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වූ බැව් ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

මහාචාර්ය ජයනාත් කොළඹගේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ සමයේ විදේශ අමාත්‍යවරුන් ලෙස කටයුතු කල දිනේෂ් ගුණවර්ධන සමග මෙන්ම මහාචාර්ය ජී.එල්. පීරිස් සමග ද කිහිපවරක්ම ගැටුම් ඇතිකරගෙන තිබිණ.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ධුරයට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරිනියක වන අරුණි විජේවර්ධන පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ඇය අගමැති රනිල් වික්‍රමසිංහගේ සමිපතම ඥාතිවරියකි.

  

Leader Whats app

  

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්