අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.


බොහෝ දුරට අද (25) දිනයේදී අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද කඩිනමින් පත් කරනු ඇති බව වාර්තා වේ.

 මේ අතර ඊයේ දිනයේ අමාත්‍යංශ 23 ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරින.




නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් ලංකාවට මූල්‍ය සහායක් නෑ -ලෝක බැංකුව




මේ අතර ලෝක බැංකුව පවසන්නේ, නිශ්චිත සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍යමය ප්‍රදානයන් ලබාදීමට සැලසුම් නොකරන බව යි.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවය.

ඒ සඳහා ආර්ථිකමය ස්ථාවරත්වය  ඇති කර ගැනීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් ශ්‍රී ලංකාව විසින් සකස් කළ ගත යුතු බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ඇතැම් මූල්‍ය ව්‍යාපෘති නැවත සමාලෝචනය කර එම මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙන්ම දිළිඳු ජනතාව සඳහා සහන ලබාදීම, ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය සහන ලබාදීම සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ලෝක බැංකු නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.



සමන්තා පවර් ගෙන් අග්‍රාමාත්‍යවරයට පණිවිඩයක්  



මේ අතර අමෙරිකානු ආධාර හෙවත් යූ.එස්.ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

එහිදී වර්තමාන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණදෙන දුෂ්කරතාවයෙන් මිදීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී 07 රටවල් සමග එක්ව කටයුතු කරන බව සමන්තා පවර් අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති බව එම ආයතනය නිවේදනය කරයි.

 

Leader Whats app

  

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්