leader s

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මුදල්, ආර්ථික ස්ථායිතා, ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (25) දිවුරුම් දුන්නේ ය.


කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු පිහිට වූ නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අවස්ථාව තුනකදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නව කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගිජනබල වේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසකගෙන් සමන්විතය.

 124898367 ranil.png
මේ වන විට දිවුරුම් දී ඇති කැබිනට් අමාත්‍යවරු:



01- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
02- ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය
03- බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
04- කෙහෙළිය රඹුක්වැල්ල - සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය
05- මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
06- රමේෂ් පතිරණ - කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය
07- විදුර වික්‍රමනායක - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
08- අහමඩ් නසීර් - පරිසර අමාත්‍ය
09- රොෂාන් රණසිංහ - වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
10- නිමල් සිරිපාල ද සිල්වා - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
11- ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් - අධ්‍යාපන අමාත්‍ය
12- ආචාර්ය, විජයදාස රාජපක්ෂ - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
13-හරීන් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම් අමාත්‍ය
14- මනුෂ නානායක්කාර - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
15- නලීන් ප්‍රනාන්දු - වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
16- ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය
17- මහාචාර්ය ජී.එල්. පීරිස් - විදේශ කටයුතු අමාත්‍ය
18- දිනේෂ් ගුණවර්ධන -රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
19- ප්‍රසන්න රණතුංග -නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
20- කංචන විජේසේකර -විදුලිබල හා බලශක්ති අමාත්‍ය


නව කැබිනට් අමාත්‍යංශ ලේකම්වරු 23ක්


ජනපතිවරයා කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පසුගියදා පත් කෙරිණි. 

 
ඒ අනුව මීට පෙර අමාත්‍යංශ ලේකම් ධුර දැරූ හමුදා නිලධාරීන් තිදෙනෙකුට එම ධුර අහිමිවිය. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කල අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මේජර් ජෙනාරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්ට ලේකම් ධුර අහිමිවිය.


ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායකට පමණක් අමාත්‍යංශ ලේකම් ධුරයකට පත් කෙරුණි.



නව කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.


01- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
02- එම්.එම්.පී.කේ. මායාදුන්නේ - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතුපළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
03- කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර - වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය
04- එස්.ටී. කොඩිකාර - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතාඅමාත්‍යාංශය
05- වසන්තා පෙරේරා - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
06- එස්.හෙට්ටිආරච්චි - මහජන ආරක්ෂක අමාත්‍යාංශය
07- එම්.එන්. රණසිංහ - අධ්‍යාපන අමාත්‍යාංශය
08- එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
09- ආර්.එම්.අයි. රත්නායක - ධීවර අමාත්‍යාංශය
10- මොන්ටි රණතුංග - ජල සම්පාදන අමාත්‍යාංශය
11- යූ.ඩී.සී. ජයලාල් - වාරිමාර්ග අමාත්‍යාංශය
12- අනුරාධ විජේකෝන් - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
13- වෛද්‍ය අනිල් ජාසිංහ - පරිසර අමාත්‍යාංශය
14- අනුෂ පැල්පිට - ජනමාධ්‍ය අමාත්‍යාංශය
15- එම්.බී.ආර්. පුෂ්පකුමාර - කෘෂිකර්ම අමාත්‍යාංශය
16- සෝමරත්න විදානපතිරණ - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතුඅමාත්‍යාංශය
17- ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක - කර්මාන්ත අමාත්‍යාංශය
18- අරුණි විජේවර්ධන - විදේශ කටයුතු අමාත්‍යාංශය
19- බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
20- ආර්.එම්.සී.එම්. හේරත් - වනජීවි හා වන සම්පත් සංරක්ෂණඅමාත්‍යාංශය
21- එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත - සෞඛ්‍ය අමාත්‍යාංශය
22- පී.එච්.සී. රත්නායක - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
23- ආර්.පී.ඒ. විමලවීර - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

 

 

PHOTO 2022 05 25 11 04 07PHOTO 2022 05 25 11 04 05PHOTO 2022 05 25 11 04 06 1


 

Leader Whats app

  

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්