ශ්‍රී ලංකා මහ බැංකුවට නැවත පැමිණීමට කැමැත්තක් නොමැති බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු මෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තහවුරු කළ බව ඩේලි

ෆයිනෑෂල් ටයිම්ස් පුවත් පත (Daily FT) පවසයි.  

මේ පිළිබඳව එම පුවත් පත කළ විමසීමේදී ආචාර්ය කුමාරස්වාමි තවදුරටත් සඳහන් කර ඇත්තේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම අසීරු අභියෝගයට මැනවින් මුහුණ දෙන අතර තමන් ඊට සහය දෙන බවය.



“මගේ කිසිම අදහසක් නැහැ නැවත ශ්‍රී ලංකා මහ බැංකුවට එන්න. මගේ අදහසට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉතා භයානක තත්ත්වයන් යටතේ අතිශයින් යහපත් කාර්යයක් ඉටු කරමින් සිටිනවා ,” ඔහු ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතට සඳහන් කර ඇත.



වත්මන් ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ගොඩඒමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය අත්‍යවශ්‍ය බැවින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාර ධූරය භාර ගන්නා ලෙස අලුත් ආණ්ඩුවේ ප්‍රධානින් කිහිප දෙනෙකු, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති ආචාර්ය කුමාරස්වාමි ගෙන් ඉල්ලා ඇතැයි පැතිර යන ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත්, ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවත් 'අරුණ' පුවත්පත ද ඊයේ (25) වාර්තා කර තිබිණ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේද සාමාජිකයෙක් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේවනවිටත් කටයුතු කරයි.

 
 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්