leader s

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශුර යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ධාවන ඉසව්වට නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටු විය.


යුපුන් අබේකෝන් මෙම වාර්තාව පිහිටු වූයේ ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්පර 10යි දශම 0යි 6ක කාලයක් සටහන් කරමිනි.

ඒ අනුව, මෙම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව ද බිඳ දැමීමට යුපුන් සමත් විය.

යුපුන් බිඳ දැමුවේ තත්පර 10යි දශම 1යි 5ක කාලයක් සටහන් කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවයි.

ඔහු පසුගිය වසරේදී ද මෙම ධාවන තරගයට එක් වූ අතර එහිදී තත්පර 10යි දශම 0යි 9ක කාලයක් සටහන් කළ ද සුළඟේ වේගය ධන 2යි දශම 2ක් ලෙස සටහන් වීම නිසා එය ශ්‍රී ලංකා වාර්තාවක් බවට පත් වූයේ නැත.

මේ වනවිට මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන් ය.

 

Leader Whats app

  

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්