ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාධිපතිධුරයෙන් නික්ම යෑම අද (මැයි 26) නිවේදනය කෙරින.



දිගු කලක් යුද හමුදාපතිධුරය දැරූ ඔහු එම ධුරයෙන් නික්මයෑමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගැනීමට නියමිත බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ ය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින ධුරයෙන් නික්ම යනු ඇත. අනතුරුව ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

සේවා දිගුවක සිටින ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුදහමුදාපතිධුරෙන් නික්මයන්නේ ඔහුට ලබන දෙසැම්බර් මාසය දක්වා ධුරයේ රැඳී සිටීමට තිබියදීය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධුරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේ ය.

එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධයේ දී සටන් බිමේ සෙන්පතියෙකු වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොව්ඩ් වසංගත සමයේ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කළේ ය.



trtrtජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොව්ඩ් වසංගත සමයේ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කළේ ය.


ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේ දී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ස්ථාපනය කරන ලද අතර එතැන් සිට වසරකුත් මාස නවයකට ආසන්න කාලයක් පුරාවට කොවිඩ්-19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතු, නිරෝධායන කටයුතු, සහ වෛරසය පැතිරීම වැළැක්වීම හා සම්බන්ධ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ මෙම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසිනි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානීධුරයේ කටයුතු කිරීම අවසන් කිරීමෙන් අනතුරුව ඔහු හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස ද පත්වීම් ලැබීය.


නව යුද හමුදාපති කවුද?

වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද හමුදාපතිවරයා ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිත ය.

මේජර් ජෙනරාල් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානීවරයා ය.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් 2021 දෙසැම්බර් 07 සිට ක්‍රියාත්මක වන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ලියනගේ එම ධුරයට පත්කරනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ලියනගේ මෙම ධුරයේ රාජකාරි භාරගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බල සේනාවේ සේනා විධායක ධුරය දැරීය.



මේජර් ජෙනරාල් විකුම් ලියනගේ


setwer77මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ කැඩෙට් නිලධාරියෙකු ලෙස 1986 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බඳවාගැනීම් - 26හි නිත්‍ය බලකායට බැඳුණු අතර, දියතලාව කීර්තිමත් ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ සහ පසුව පාකිස්ථාන හමුදා ඇකඩමියේ මූලික හමුදා පුහුණුව ලබා ඇත.

නිලධාරි කැඩෙට් පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් පසු ඔහු දෙවන ලුතිනන් නිලයට පත්කර ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කරන ලදී.

ඔහුගේ වසර 35ක යුද දිවිය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ ප්ලැටූන් අණදෙන නිලධාරි, අණදෙන නිලධාරි සහ සහායක, 21 සහ 55 පාබල සේනාංකවල බුද්ධි නිලධාරි, 14 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ඇතුළු සැලකිය යුතු අණ, කාර්ය මණ්ඩල, සහ උපදේශක පත්වීම් ගණනාවක් දරනු ලැබීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයේ සහකාර ජෙනරාල්, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී II (පරිපාලක), 10 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී II, 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 225 සහ 553 පාබල බලසේනාවල බලසේනා අණදෙන නිලධාරී, කොළඹ මෙහෙයුම් අණදෙන නිලධාරී අංශයේ අණදෙන නිලධාරී, 215, 542, 224, 221 සහ 623 යන බලසේනාවේ බලසේනාධිපති, සටන් පුහුණු පාසලේ (අම්පාර) සේනා විධායක, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්, 21 පාබල සේනාංකයේ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර), ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම යන ධුරයන් දැරූ ඔහු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක රෙජිමේන්තුවේ කර්නල්වරයා සහ ශ්‍රී ලංකා යුද හමුදා වුෂු කමිටුවේ සභාපතිවරයා ද විය.

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදා පුහුණු පාසලේ (මාදුරුඔය) අභ්‍යන්තර ආරක්‍ෂාව/ප්‍රතිවිප්ලව සංග්‍රාම පාඨමාලාව, ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ උපදෙස් ක්‍රමය, කාලතුවක්කු පාසලේ (මින්නේරිය) ඉදිරි නිරීක්ෂණ නිලධාරී පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලා ගණනාවක් සාර්ථකව හදාරා ඇත.

ඔහු ඉන්දුනීසියාවේ ලෙම්හානාස් විශ්වවිද්‍යාලයයෙන් උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, හවායිහි ආරක්ෂක අධ්‍යයන සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයෙන් 'ඉන්දු-පැසිෆික් කලාපයේ ගෝලීය ආරක්ෂාව' පිළිබඳ උපාධියක් ද ලබා ඇත.

තව ද, ඔහු ඉන්දියාවේ ඉන්දෝර් විශ්වවිද්‍යාලයයෙන් ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා තිබේ.

එල්.ටී.ටී.ඊ.යට එරෙහි මෙහෙයුම්වලට සක්‍රීයව දායක වූ මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, සතුරා හමුවේ තනි පුද්ගල හෝ ඒ ආශ්‍රිත නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් පිදෙන රණ වික්‍රම පදක්කමෙන් හා රණ සූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

උතුරු නැගෙනහිර මෙහෙයුම්වල දී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ පුරෝගාමියෙකු වීම හේතුවෙන් ඔහු හමුදා දිවියේ තුන් වතාවක දී මෙම සම්මානයෙන් පිදුම් ලැබීය. තවද ඔහු මෙහෙයුමක දී සතුරු ක්‍රියාවකින් තුවාල ලැබීම නිසා දේශපුත්‍ර පදක්කම්ලාභියෙකි.

මේජර් ජෙනරාල් ලියනගේ නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, රිවිරැස සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම වැනි සේවා පදක්කම් ද ලබා තිබේ.

එසේම 'ජනමාන්‍ය විභූතිරත්න' යන ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටියි.

(BBC සිංහල සේවය)

 

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්