leader s

රටේ ප්‍රශ්න විසඳන්නට ට්‍රිලියනයක් මුදල් අච්චු ගැසීමට සිදුවන බව රජය ප්‍රකාශ කරන බවත්, ඒ මුදල් අච්චු ගසන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නට දැයි සැකයක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පැවසිය.

මෙලෙස මුදල් අච්චු ගසන විට ජීවන වියදම 40% පනින බව පැවසූ විපක්ෂ නායකවරයා, එයින් ද පීඩාවට පත් වන්නේ අහිංසක අසරණ ජනතාව බවද කියා සිටියේය.

ඔහු එබව කියා සිටියේ, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිත පිරිසක් ඊයේ  (27) විපක්ෂ නායක කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.  

ආබාධ සහිත පුද්ගලයින්  මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණි.

ආබාධිත ප්‍රජාව සුරක්ෂිත කරනු ලබන ප්‍රඥප්තිය තමන් ජනාධිපතිවරණ සමයේ දී ඉදිරිපත් කළ බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒකාන්තම එය ඉදිරියේදී ක්‍රියාවට නංවන බවත් එය සමාජ වගකීමක් බවත් පැවසීය


මහජන බැංකුවටත් ලංකා බැංකුවටත් පොලු තැබූ ධන කුවේරයින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව මුදල් අච්චු ගසන්නට යන්නේ ඔවුන්ගේ ණය කපා දැමීමට දැයි සැකයක් මතුවන බව ද සඳහන් කළේය.



පෝලිම්වල සිටින ජනතාව එයින් මුදවාලන්නට කල්පනා නොකරන පාලකයින්, මේ රටේ ආබාධිත ප්‍රජාවට අවශ්‍ය කරන අවම සම්පත් ටික හෝ ලබා දෙන්නට කල්පනා නොකරන පාලකයින් ධන කුවේරයන්ට සහ දේශපාලකයින්ට සහන සැලසීමට කටයුතු කරන බව පැවසීය.

දුක් විඳින, පීඩා විඳින පොඩි මිනිසාට වන්දි ලබා දීම් ගැන කිසිවෙකු කතා නොකරන නමුත්, දේශපාලනඥයන්ට වන්දි ටික බෙදාගැනීම වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. 




WhatsApp Image 2022 05 27 at 7.42.52 AM

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්