ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වුන හොත් ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ

විය හැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසනයි.

එබැවින් වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව පවතින ක්‍රමය බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මේ බව සඳහන් කළේ අද මහනුවරට පැමිණ මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි කිරීම සුදුසු නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමියන් පවසති.

උන්වහන්සේ ඒ බව සඳහන් කළේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද මහනුවරදී මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.


''විධායක ජනාධිපති ධුරය පූර්ණ වශයෙන් ඉවත්කිරීම සුදුසු නෑ'' - අස්ගිරි පාර්ශවය

අද (29) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වැඳපුදා ගත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි ඇතුළු අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව බැහැදැක කරුණු පැහැදිලි කළේය.

එහිදී මහා සංඝරත්නය කියා සිටියේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට තමන්වහන්සේ එකඟනොවන බවය.


අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ :

"ගෝඨාභය මහත්මයාට යන්න කියන උදවියගේ ශබ්දය පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ගෝඨාභය මහත්මයා ගියොත් අපි ඊළඟ ජනාධිපති තෝරගන්න ඕන පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින්. පොහොට්ටු පක්ෂයට තමයි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ. එතකොට ඒ පොහොට්ටුවෙන් ඊළඟට ජනාධිපතිවරයා විදිහට පත්වෙන කෙනා කවුද කියලා අපිට හිතාගන්න බැහැ. මොකද ඒක ජනතා තේරිමකුත් නෙවෙයි. ඒකට අපි යෝජනා කරන විසඳුම 21වන සංශෝධනයෙන් පටන් ගන්න කියලා.

අපි මේක ආවාට ගියාට කළේ නැහැ මහා නායක ස්වාමීන් වහන්ස. අපි මාසයක් මේකට සෑහෙන්න නිදිමරාගෙන, සාකච්ඡා කරලා, බොහෝම වෙහෙස මහන්සි වෙලා තමයි අපි මේ නිගමනයට ආවේ. මේ වේලාවේ ජනමත විචාරණවලට යන්න බැහැ. ජනමත විචාරණයක් නැතුව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්නත් බැහැ. හදිසි අවශ්‍යතාවය සලකා බලලා, 21වන සංශෝධනයේ අපි ඉදිරිපත් කරලා තිබෙනවා ප්‍රධාන කාරණ කිහිපයක්."


අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි :

 "විධායක ජනාධිපති ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි කිරීමට අපේ පෞද්ගලික අදහස, ඒක කොහොමත්ම සුදුසු නැහැ කියන එක. සන්නද්ධ සේවා නායකත්වය තියෙන්න ඕන. 13 වන සංශෝධනයේ තියෙන බැරෑරුම්කම අපි කාටත් දැනෙනවා. ඒ නිසා ඒකට සන්නද්ධ සේවා නායකයා ජනාධිපතිතුමාගේ බලයේ සුරක්ෂිත වෙන්නට ඕනෑ කරනවා. ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිවරයාගේ සියලුම බලතල අහෝසිවන තාලේ, නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් වීමේ හානිදායකබවක් තිබෙනවා.

කොමිෂන් සභා, පූර්ණ කොමිෂන් සභා බවටම පත්වෙනවා නම් හොඳයි. අනිත් පැත්තෙන් තියෙනවා, දැනට තිබෙන දරුණු ආර්ථිකමය බිඳවැටීම කියන දේටත් සෑහෙන පිළිතුරු සොයාගෙන ක්‍රමවේදයක් සකස් කරමින් ගිහිල්ලා ඉවරවෙලා මේක ගේනවා මිසක්, මේකම ප්‍රමුඛත්වයට දාලා ඉවරවෙලා ආර්ථිකය විසඳාගන්න ගියෝතින්, තවත් ආර්ථිකමය බිඳවැටීමක් රටේ සිදුවෙන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා."

 

 
අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි :

 "මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙන් සම්මත කරගන්න එකඟතාවයක් තියෙනවාද ? පුවත්පත්වල දකින්න තිබෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරුම මේකට එකඟ නැහැ කියලා. දැන් අර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය ඉවත් කිරීමට ඇතැම් අය කැමති නැහැ කියලා ?"


අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ :

එහෙම එක එක්කෙනා තර්ජනය කරනවා. බය ගන්නවන්න හදනවා. මත හදනවා. එහෙම වුණා කියලා අපි මේක අතහැරලා දැම්මොත් අපිට මොකුත්ම නැහැ. අපි දන්වා මෙතැන විදේශිය පුරවැසිභාවය ඇත්තටම දාන්න හේතු වුණේ එක පුද්ගලයෙක් වුණාට, මේක ප්‍රතිපත්තියක් විදිහට ගේනවා. ඒ පුද්ගලයා නිසා තමයි අපේ රටේ ආර්ථිකය විනාශවුණේ. ඔහු ඇවිත් මුදල් ඇමතිකම ගත්තා. බොරු අයවැයක් ඉදිරිපත් කළා. රෑ 12ට හොර ගිවිසුම් අත්සන් කළා. ප්‍රධාන වශයෙන්ම ඒ වගේ දූෂිත පුද්ගලයෙක් තියාගෙන පාර්ලිමේන්තුව ගෙනියන්න බැහැ. මොකද ලෝකයම පිළිගන්නවා. ලෝකයේම ඉන්න දූෂිතයෙක් කියලා එයා. එක පැත්තකින් සතුටු වෙනවා ජනාධිපතිවරයාගේ සහෝදරයා වුණාත් ඒ උදවියට අයින් කරලා දුන්නා."



ශ්‍රීලනිපයේ සහය පළවේ

මේ අතර අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනා කළ 21 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට තමන් සහ තම  පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිපියකින් දැනුම් දී තිබේ.

 
 
එමෙන්ම එම ලිපිය මඟින් තවත් සංශෝධන කිහිපයක් අධිකරණ අමාත්‍යවරයා වෙත යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයාට ආරක්‍ෂක අමාත්‍යවරයාගේ විෂය පථය පමණක් දැරීමට විධිවිධාන සැලසෙන පරිදි සංශෝධනය කිරීම, තාර්කික පදනමක් මත පිහිටුවන අමාත්‍යාංශ 30ක් සඳහා විධිවිධාන සැලසීම, ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ විධිවිධාන වෙනස්කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ඒ අතරට අයත්ය.


'සියලු පාර්ශව සහයෝගය ලබාදිය යුතුයි' -ඩලස්


මේ අතර යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශව සහයෝගය ලබාදිය යුතු බව සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

පසුගිය ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පසුබැස ගිය බවත්, තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරිව සම්මත වු එම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නව ව්‍යවස්ථා සංශෝධනයෙන් මඟහරවා ගැනීමට යහපත් ආරම්භයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

der3


''විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි''

විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ (29) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙන නමුත් එයින් පමණක් සෑහීමකට පත්වන්නට නොහැකි බව කී අමාත්‍යවරයා රටේ ආණ්ඩු පාලනයට මුළු පාර්ලිමේන්තුව එකතු කරන ක්‍රමයක් මෙන්ම විනිවිදභාවය ඇති කිරීම සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කොමිටි වලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට වාතාවරණයක් සකසන බවද කීය.
 

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්