බණ්ඩාරගම, අටළුගම දී ඝාතනයට ලක් වු නව හැවිරිදි පාසල් දැරියට යුක්තිය ඉල්ලා උතුරු නැගෙනහිර පුරා විරෝධතා මාලාවක් දියත් කර තිබේ.


දිස්ත්‍රික්ක අට පුරාම විරෝධතා මාලාවක් දියත් කර ඇත්තේ උතුරු නැගෙනහිර කාන්තා සංගමය විසිනි.

''සියලුම ප්‍රචණ්ඩත්වයන්ගෙන් ගැහැණු ළමුන් සහ කාන්තාවන් ආරක්ෂා කරමු'' බැනරය පෙරටු කරගනිමින් කුඩා දරුවන්ගේද සහභාගීත්වයෙන් විරෝධතා පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසන්නේ පවසති.

ඝාතනයට ලක්වූ ෆාතිමා අයේෂා අටුළුගම, එපිටමුල්ල ප්‍රදේශයේ පදිංචි හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියකි.

මැයි 27 දා පෙරවරු අසල පිහිටි වෙළෙඳසැලකට ගොස් තිබු ඇය ආපසු නිවසට පැමිණ නොතිබුන අතර මැයි 28 පස්වරුවේ දැරියගේ සිරුර නිවසට ආසන්න ප්‍රදේශයක වගුරුබිමක තිබිය දී සොයා ගත් බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.


දැරියට යුක්තිය ඉල්ලා විරෝධතා දියත් කළ උතුරු නැගෙනහිර කාන්තා සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ රට තුළ ජීවත් වන සියලුම ළමයින්ට  සහ කාන්තාවන්ට ආරක්ෂා කාරී ලෙස ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසයි.



වව්නියාව නව බස් නැවතුම්පොළ, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මඩකලපුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා දියත් කර තිබුනි.

ෆාතිමා අයේෂා දියණිය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු අතර ඇයගේ ඝාතකයාට එරෙහිව උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතාවයේ නිරත වු කාන්තාවන් ඉල්ලා සිටියාය.

ට්විටර් පණිඩුවයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහතික වී ඇත්තේ ෆාතිමා අයේෂා දැරියගේ පවුලට යුක්තිය ඉටු කරන බව යි.

කොටදෙණියාවේ සේයා සදෙව්මි, යාපනයේ විද්‍යා වැනි දියණියන් ඝාතනය වු ආකාරය සිහිපත් කරමින් ඔවුන් වැඩි දුරටත් සදහන් කළේ මින් ඉදිරියට මෙවැනි ඝාතන සිදුවීම වැලැක්වීමට රජය සියලු පියවර ගත යුතු බවයි.



නිවේදනයක් නිකුත් කරමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පෙන්වා දෙන්නේ මෙය මෑතකාලීනව ගත්විට වසර එකහමාරක පමණ කාලයක් තුළ සිදුවූ 14වැනි ළමා මරණය ලෙස සැලකෙන බවයි.


දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව පවසයි.

අටලුගම ෆාතිමා අයීෂා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය විසින් නම් කරන ලද අටළුගම ප්‍රදේශයේ පදිංචි අයකු ජුනි 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කලුතර මහේස්ත්‍රාත් අධිකරණය මැයි 31 වැනිදා  නියෝග කර තිබුනි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුව බව පොලීසිය පවසයි.



බාල දරුවන් අපහරණය කිරීමට සම්බන්ධයෙන් පොලිසිය විසින් අතීතයේදී අත් අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ නම් කරන ලද පුද්ගලයන් කිහිප දෙනකුම නිර්දෝෂී බව පසුව ඔප්පු වී තිබුණි.

JAFNA 2022.06.02

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්