විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව රෝහල්වල සාත්තු, නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය , පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක් අත්‍යවශ්‍ය ‍සේවා බවට පත් කර තිබේ.

ජනාධිපතිවරයා එවැනි ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් විදුලිබල ඉංජිනේරුවන් විසින් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹීමට නියමිතව ඇති තත්වයක් තුලයි.

sfdferසාකච්ඡා අසාර්ථකයි

විදුලි බල අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද (08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයේ නිරත වන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

ඒ විදුලිබල මණ්ඩල පනත සංශෝදනය කිරීමේදී විදුලි මිලදී ගැනීම් ඇතුළු කරුණු කිහිපයකදී අවාසි සහගත ලෙස වගන්ති ඇතුළත් කර ඇතැයි විරෝධය පළකරමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ විදුලිබල මණ්ඩල පනතේ අදාල සංශෝදන හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සහ එම සංශෝධන සඳහා අවශ්‍ය පාර්ලිමේනතුවේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

ඒ අනුව දීර්ඝ කාලයක් පුරා ප්‍රමාදවී ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා හැකිවනු ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.

එසේම මෙම පනත සංශෝධනය කිරීමට විරෝධය පල කරමින් රටපුරා විදුලි බිඳවැටීමක් සිදුවිය හැකි බවට විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අගවා ඇති බවද සිය නිල ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

 

අගමැතිගෙන් සැර ප්‍රකාශයක්

පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

රට අඳුරේ තැබුවොත් ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්නැයි තමාට පවසන්න එපා යැයි කී අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රශ්න විසඳා ගැනීමට හදිසියක් නැත්නම් ⁣වෙනත් රටවල් උදව් කරාවි දැයි ප්‍රශ්න කළේය.

රට අඳුරේ තැබුවොත් ඉන්දියාව තෙල් දේවි යැයි වගකියන්නට නොහැකි බව කී රනිල් වික්‍රමසිංහ, ලංකාවට තෙල් දෙනවාට ඉන්දියාවේ සමහර අය විරුද්ධ බවද පැවසීය.

හැම වෙලාවේම ජාත්‍යන්තර රටවල් කියන්නේ 'තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න. ඊට පසුව අප උදව් කරන්නම්"යනුවෙන් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය.

 

 විදුලි පනත සම්මත වීමට එරෙහිවීම නොසුදුසුයි - ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නන්දික පතිරගේ

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසන්නේ, විදුලි පනත සම්මත වීමට එරෙහි වීම ඉතාම නොසුදුසු කාර්යක් බවයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විදුලි ඉංජිනේරුවන් විසින් වසර ගණනාවක් තිස්සේ සංශෝධනය කල යුතු යැයි පවසා මේ වන විට එක් සංගමයක් විසින් විරුද්ධව කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයා ඉදිරියේදි අදාළ ඉංජිනේරුවන් මෙම පනත සඳහන් කරුණුවලට එකඟතාවය පල කර නමුත් මේ වන විට ඔවුන් එයට ඒරෙහි විම යුක්ති සහගත නොවන බව ඔහු පවසා සිටියේය.

 



 

 

 

රට වෙනුවෙන් එකතුවන්න 

 

{gallery}radicalcenter2022531{/gallery}


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්