The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ජනපතිගෙන් අද දහවල් 12.00ට සහන පැකේජයක්

T

The Leader Desk

April 7, 2026 • 5:21 AM

ජනපතිගෙන් අද දහවල් 12.00ට සහන පැකේජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක අද (07) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
  • ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
  • කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක් වනු ඇත.
  • ධීවර අමාත්‍යාංශය දන්වා සිටින්නේ අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක අද (07) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.



ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක්

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක් වනු ඇත.

ධීවර අමාත්‍යාංශය දන්වා සිටින්නේ අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වන බවය.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ, මෙරට ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි.

ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙනි.

ධිවර කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සහ ධීවර ප්‍රජාව මුහුණ දී ඇති ආර්ථික පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින්, ඔවුන් වෙත විශේෂ දීමනාවක් ලබා දීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය ද යොමුව තිබුණි.

ඒ අනුව අදාළ දීමනාව සඳහා මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...