තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීමට ජනාධිපතිවරයා ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් මේවනවිට

ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ම බරපතල විරෝධයක් එක්ක වෙමින් තිබේ.

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට රජය සමඟ ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයකු පාර්ලිමේන්තුවට නම් කර ඔහුට ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ අමාත්‍ය ධුරයක් ලබාදීමට යනබවට රාවයක් පැතීමත් සමග එම විරෝධය උත්සන්න වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ 'වියත්මග' සංවිධානයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ට්විටර් නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, ජන මතයෙන් පත්වූ අයෙකුට අමාත්‍ය ධුර වගකීම බාරදුන්නානම් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

''මෙතරම් විශාල ආයතන ප්‍රමාණයක් මෙතෙක් කල් අමාත්‍යවරයෙකුට පවරා නොතිබුනේ ඇයි ?. ඉන් රටට යහපතක් වීද ? දැන්වත් මේවා වෙනස් වන්නට පටන් ගෙන තිබීම යහපත් ප්‍රවේශයක් විය හැක. ජන මතයෙන් පත්වූ අයෙකුට වගකීම බාරදුන්නානම් තවත් ප්‍රජාතන්ත්‍රවාදීය.'

lk
lkj


බැසිල්ගේ අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි


බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අතර ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ, බැසිල් රාජපක්ෂ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සදහා ව්‍යාපාරික ධම්මික පෙරේරා නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙන බවයි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පෙරේදා දිනයේ ලබාගෙන ඇති බව ද වාර්තා වේ.


{gallery}radicalcenter2022531{/gallery}  


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්