ලංකාව පරාද යි! - ඉන්දියාව දිනුම්!! යයි 'යුතුකම' සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
ඒ, පෙරේදා (09) සම්මත වූ විදුලිබල (සංශෝධන) පනත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
116ක් හොරු සමඟ හෙළුවෙන් යයි සඳහන් කරමින්, ඔහු මාධ්‍ය වෙත කරතිබූ ප්‍රකාශය පිළිබඳව තවදුරටත් විමසීමේදී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්විය.
මොකද වුණේ?
ලංකාව පැරදුණා; ඉන්දියාව දිනුවා.
මම ඇහුවේ විදුලිබල මණ්ඩල පනතේ සංශෝධන ගැන?
ඒ ගැන තමයි. ඇයි පනතට ඡන්දය විමසන වෙලාවේ දෙමළ ජාතික සන්ධානයේ එක මන්ත්‍රීවරයෙක් වත් සභාගැබේ රැදී නොසිටියේ?
ඔබතුමා මේ පනත සම්මතවීම පිටුපස ඉන්දියානු හස්තයක් දකිනවා? හස්තය අදානි ද?
ඔබ මාධ්‍යවේදියෙක්, සොයා රටට ඇත්ත හෙළිදරව් කරන්න.
පනත පරාජය කිරීමට ඔබ ඇතුළු පිරිස වෙහෙසන බවක් පෙනුනේ නෑ?
පනත පරාජය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් අපට තිබුණේ නෑ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කරා යොමුවීම කඩිනමින් කළයුතු ව තිබෙනවා. අපි දැනටමත් ප්‍රමාද යි.
අවශ්‍ය වූයේ දූෂණයට දොරටු විවෘත කිරීම වැළැක්වීම පමණ යි. අපි සියලු දෙනා වෙනුවෙන් ගම්මන්පිල මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත්කළා, සියලු ව්‍යාපෘති ටෙන්ඩර පටිපාටියෙන් ඉවත් නොකර, තමතමන් ගේ නිවාස, වතු, කර්මාන්ත ශාලා සඳහා ඉඩ සැලසීමට, මෙගාවොට් 10 අඩු ව්‍යාපෘති පමණක් ටෙන්ඩර පටිපාටියෙන් ඉවත් කරන ලෙස.
ඒ සඳහා පොදු එකඟතාවක් ගොඩනඟා ගැනීමට බැරි වුණා ද?
පොදුඌඑක එකඟතාවක් ගොඩනැඟී තිබුණා. ජනාධිපතිතුමා හා වෘත්තීය සමිති අතර එකගතාවක් තිබුණා. ඒ මත අගමැතිතුමා පක්ෂ සමඟත් එකඟතාවයකට පැමිණියා.
එකඟතාවයකට?
ඔව්, මෙගාවොට් 10 අඩු ව්‍යාපෘති ටෙන්ඩර පටිපාටියෙන් නිදහස් කිරීමට; මෙගාවොට් 10-100 අතර ව්‍යාපෘති සඳහා ටෙන්ඩර කැඳවීමේ අනිවාර්යත්වය එ ලෙස ම තැබීමට; ජාතික වැදගත්කමක් ඇති මෙගාවොට් 100ට වැඩි ව්‍යාපෘති සඳහා පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගැනීමට.
මෙ තරම් අනගි එකඟතාවක් තිබුණා?
ඔව්, ඒත් අවසානයේ ඒ එකඟතාව ඇමැතිතුමාත්, අගමැතිතුමාත් කඩකළා.
අගමැතිතුමා?
ඔව්, එ තුමා වංචාවට, දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට 21 ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවා. ඒ අතර ටෙන්ඩර පටිපාටිය වෙනුවෙන් පනතක තිබෙන වගන්තියත් ඉවත් කිරීමට අත ඔසවනවා.
සොරකමට, දූෂණයට විරුද්ධ ව කතා කරන ඇමැතිවරු, මන්ත්‍රීවරු, කෝප් කමිටු සභාපතිවරු - මේ ඔක්කෝ ම අත එසවූවා. 116ක් ගරු මන්ත්‍රීවරු අත එසවූවා. 116ක් ම හොරු සමඟ හෙළුවෙන්!