leader s

තමා පසුගියදා පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න බව

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පවසයි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට දෙන්න තීරණය කළේ ඉන්දීය අගමැති මෝදි කළ බලපෑම නිසා යයි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා අනාවරණය කර සිටියේ, පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී කළ විමසීමකදී පිළිතුරු ලබා දෙමිනි.

එහිදී විදුලි බල මණ්ඩල සභාපතිවරයා පැවසුවේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ බලපෑමක් අනුව ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘති අදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බවයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය පැය 24 ක් ගතවන්නට පෙර ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පැවසුවේ, තමන් කෝප් කමිටුව හමුවේ ඊයේ (10) කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බව ඔහු පවසයි.

ඊයේ තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය අද(11) ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බව ද නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ ය.

 

 

සභාපති ඊයේ කියපු කතාව :  “LNG ව්‍යාපෘතිය අදානිටම දෙන්නැයි මෝදි බලපෑම් කරන බව ජනාධිපති මට කිව්වා”

කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (10) කරුණු පැහැදිලි කල විදුලි බල මණ්ඩල සභාපතිවරයා මෙසේ පැවසීය.

''ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සෙ ගෙන්නුවා. මට මතක විදියට පසුගිය නොවැම්බර් 24 වෙනිදා. ගෙන්නල මට කිවුවා මේක අදානි සමාගමට දෙන්න. ඉන්දීය අගමැති මෝඩි මට බලකරනවා මේක අදානි සමාගමට දෙන්න කියල. ඒක නිසා මේක අදානි සමාගමට දෙන්න කියලා..

ඒ වෙලාවෙ මම ජනාධිපතිතුමාට කිවුවා මේක මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක්. ඒ වෙලාවෙ ජනාධිපතිතුමා කිවුවා නෑ නෑ ඔයා මේකට ලියුමක් ගහන්න කියලා.

ඒ වෙලාවෙ මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට ලියුමක් ලියල දැම්මා ජනාධිපතිතුමා මට මෙන්න මේ ව්දියෙ නියෝගයක් කරනවා. ඒක මුදල් අමාත්‍යාංශයෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් නෙමෙයි කියලා.

එතුමා කිවුවා MOU එකේ ප්‍රශ්නෙදි අපි අදානි සමාගමට දුන්නේ එයාගෙ සල්ලිවලින් මේක කරන්න කියලා. මේක රජයක් හා රජයක් අතර දෙයක් විදියටයි යන්නේ. එතනදි සාකච්ඡා කරන්න ඕනෙ පනතේ තියෙන කල් බදු මිළ ගැන. ඒක මහජන උපයෝගිතා කොමිසම අනුමත කරන්න ඕනේ.”


ජනාධිපතිගේ ට්විටර් පණිවිඩය :

කෙසේවුවද ජනාධිපති ගෝඨාභය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සභාපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීම සදහා අධිකාරීමය බලය භාවිත කලේ යයි සභාපතිවරයා කල ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බව එහි තව දුරටත් දැක්වෙයි.

ftyey


 

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්