ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු 'ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණවාදී' මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය ආචාර්ය නාලක

ගොඩහේවා විපක්ෂ නායකවරයාගේ රැස්වීමකට සහභාගිවීම සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයක් මතුව ඇත.

අසාර්ථක පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමට දායකවීම ගැන පැහැදිලිවම කණගාටු වන අතර තමන් දැනටමත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙන බවට වියත්මග සංවිධානයේ නිර්මාතෘ හා කැඳවුම්කරු වන ආචාර්ය නාලක ගොඩහේවා, 'සරෝජ් සමග සංදේශය' යූටියුබ් නාලිකාව සමග පෙරේදා (12) සිදුක විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සිදුකල ප්‍රකාශයත් සමග විපක්ෂනායක වරයාගේ රැස්වීමට ඊයේ (13) සහභාගී වීම එසේ සමාජ මාධ්‍ය සංවාදයට ලක්ව තිබේ.

අලුත් නූතනවාදී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් යුතුව 'ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය' විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විපක්ෂ නායකවරයා විසින් කැඳවා තිබු එම සාකච්ජාවට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ද ආරාධනා කර තිබිණ.

'ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය' වෙනුවෙන් ප්‍රවීන දේශපාලන විචාරකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ, ඉංජිනේරු තිලක් ද සිල්වා, මහාචාර්ය තීක්ෂණ සුරවීර, නීතිඥ ජනක එදිරිසිංහ, සමාජ ක්‍රියාකාරික ජූඩ් ප්‍රනාන්දු සහ ෆ්‍රීඩම් හබ් සංවිධානයේ අධ්‍යක්ෂ, තාක්ෂණවේදී විරාජ් කාලිංග මෙම අවස්ථාවට එක්ව සිටියේය.  

එම රැස්වීමට සහභාගිවීමෙන් පසු ට්විට් පණිවිඩයක් නිකුත්කර ඇති ආචාර්ය ගොඩහේවා මෙසේ පවසයි.

lka

සමාජ මාධ්‍යවලට ප්‍රතිචාරයක්



ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර දිනකට පසු විපක්ෂ නායකවරයාගේ රැස්වීමට සහභාගී වීම ප්‍රශ්නකර ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ප්‍රතිචාර දක්වමින් 'වියත්මග' කැඳවුම්කරු සිය ෆේස්බුක් පිටුවේ ඊයේ (13) මෙවැනි සටහනක් පළකර ඇත.


කතා කිරීමේ නිදහස හා දේශපාලනය

''මගේ දේශපාලනය තුල මම ඕනෑම අයෙක් සමඟ විවෘතව කතා කරන්නට කැමත්තෙමි. ඒ මට ස්වාධින මතවාදයක් තිබෙනා බැවිනි. නමුත් බොහෝ දෙනෙක් එසේ නොකරති. ඒ ඔවුන් පක්ෂ මතවාදයන්ගෙන් දැඩි ලෙස බැඳී සිටිනා නිසා විය හැක. 

 
පාර්ලිමේන්තුව තුලත් මම විපක්ෂයේ මංත්‍රීවරුන් සමඟ වාඩිවී කතා බහ කරනා විට බොහෝ අය සැකයෙන් බලනු මම දැක ඇත්තෙමි.

වෙනත් දේශපාලන පක්ශයක අයෙක් සමඟ සුහදව කතා බහ නොකරන තරමට අප බෙදී සිටිය යුතුද ?  ඉඩක් ලද විගස අනෙක් පක්ෂවල දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තියනා තරමට අද සමාජය පිරිහී තිබෙන්නේ මේ නිසා නොවේද ? මම ඒ ක්‍රමය පිළි නොගනිමි.



අද විපක්ෂ නායක තුමා මට පුද්ගලිකව අමතා කල ආරාධනයකට අනුව විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්චාවකට සහභාගී වුනේද සුපුරුදු විවෘත මනසිනි. එය දේශපාලන සාකච්චාවකට කල ආරාධනයක් නොවේ. සමාජයේ නමක් ඇති ස්වාදීන මතධාරීන් පිරිසක් විසින්  පක්ෂ බේදයකින් තොරව ඉදිරිපත් කල ' ජාතික ප්‍රතිසංස්කරණ ' යෝජනාවලියකට සවන් දීමට කල ආරාධනයකි. මම මගේ ස්වාධීන විවරණය ඒ යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් කොට පිටත් වුනෙමි.

එහි ඡායාරූපයක් සමාජ ජාලා වල හුවමාරු වන්නේ සමහරවිට වෙනත් මතයක් ජනගත කරමිනි. මේ සටහන ඒ වෙනුවෙනි.

මේ අවස්තාවේ මට වැදගත් වන්නේ මේ අර්බූධයෙන් රට මුදවා ගැනීමට මගේ බුද්ධිමය දායකත්වය දෙන්නේ කෙසේද යන්න පමනි. ඒ සඳහා අදහස් හුවමාරුකර ගැනීමට කැමති ඕනෑම කෙනෙකු සමඟ සාකච්චා කිරීමට මා නොපැකිලෙමි.

 ඔබ සියළු දෙනාගෙනුත් මා ඉල්ලන්නේ විවෘත මනසකින් මේ අභියෝගවලට මුහුණදී  ගැටළු වලට විසඳුම් සොයන්නට පක්ශ බේදයකින් තොරව එක්වන ලෙසයි.

nalaka s


සබැඳි ලිපි :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්