leader s

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව අවසාන අනුමැතිය සඳහා මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ

ප්‍රකාශකයෙක් පැවසීය.

කැබිනට් මණ්ඩලය ඊයේ (ජූනි 20) රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණි බව එම ප්‍රකාශකයා කීය.

ඒ අනුව, පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකොට ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර ඊට තවත් සංශෝධනයක් ද යෝජනා වී තිබිණි.

එම සංශෝධනය ද අන්තර්ගත කර සංශෝධිත පනත් කෙටුම්පතේ පිටපතක් සියලු ම කැබිනට් සාමාජිකයන්ට කඩිනමින් ම ලබා දෙන බව එහිදී අධිකරණ ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, සංශෝධිත පනත් කෙටුම්පත පරිශීලනය කිරීමෙන් අනතුරුව මීළඟ කැබිනට් මණ්ඩලයේදී එහි අවසන් අනුමැතිය සඳහා නැවතත් 21 වන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.


(mawbima.lk)

 
 

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්