leader s

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරය දෙරටේ හොඳ හිත වර්ධනය කරන සුන්දර මෙහෙයුමක් බවට මේ වන විට පත්වෙලා හමාරයි.

ඔස්ට්‍රේලියාව යනු අතීතයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ පරම සතුරා විය.

මුත්තයියා මුරලිදරන්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවරුන් කළ කෙනෙහිලිකම් මීට ප්‍රධාන හේතුවක් විය.

මේ සියල්ලම අතීත කතා විය.

අද ශ්‍රී ලංකාව මුහුණ පා සිටිනුයේ ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයටයි.

මේ වන විට ඔස්ට්‍රේලියානු රජය විසින් ඩොලර් මිලියන ගණනක පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත.

එපමණක් නොව ශ්‍රී ලංකාවට ආධාර කරන මෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් මුළු ලෝකයෙන්ම ඉල්ලීමක් කරන ලදි.

මේ වන විට ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක් දින තරගාවලිය 3 - 1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ය.
24 වැනි සිකුරාදා අවසන් එක් දින තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ කෙළෙහිගුණ දැක්වීමේ ගුණාංගය නැවත වතාවක් ප්‍රදර්ශනය කරමින් අවසන් එක් දින තරගය සදහා කහ පාටින් සැරසී පැමිණෙන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් සංසරණය වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවට පෙන්වන හොද හිත තුලින්  මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවට යොමු වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

WhatsApp Image 2022 06 22 at 6.35.01 PM

ආධාර ලබාදීම පිණිස IMF නියෝජිතයන් මෙරටට පැමිණෙන විට මුදල් අමාත්‍ය්‍යාංශයට පැමිණිම හා පිටවීම අවහිර කරන ඇතැම් ජනතාවක් සිටින රටක මේ ක්‍රීඩා ලෝලයින්ගේ හැසිරීම බුකියේ ඉහළම ප්‍රසාදයට පාත්‍ර වී ඇත.

එසේම රට ගැන මෙලෝ හැඟීමක් නැතිව බලය ලබාගැනීම පමණක් සිතේ තබාගෙන කටයුතු කරන පාර්ලිමේන්තුවේ 225 ටම වඩා මේ ක්‍රීඩා ලෝලයින් සිටින්නේ ගව් ගණනක් ඉදිරියෙනි.

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. https://chat.whatsapp.com/DqfBCnAN39V2FlsfdfmQ3N

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්