leader s

නැවත සියලු පක්ෂ නායකයින් කැඳවා නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීමට

පියවර ගන්නැයි  මහානායක ස්වාමීන්වහන්සේලා අද (01) ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා සිටියහ.

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා සහ සියලු පක්ෂ නායකයින් එකඟ වියයුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇත.

අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත එම ලිපිය යොමුකර තිබේ.

ජනාධිපතිවරයා වෙත උක්ත ලිපිය යවමින් උන්වහන්සේලා දන්වා සිටින්නේ මේ දේශපාලන විකල් හැසිරීම නවත්වා දැන්වත් මාස 06 කාලයක් සඳහා සියලු පක්ෂ එකතුකර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා අවංක වන ලෙසය. උන්වහන්සේලා එම යෝජනාව ජනාධිපතිවරයා වෙත තරයේ අවධාරණය කරමින් දන්වා ඇත.

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වියයුතු බවද ඉන් අවධාරණය කර තිබේ.


ඔබතුමා බොරු කළා…

තමන්වහන්සේලා අවස්ථා කීපයකදී  ඉදිරිපත් කළ යෝජනා මාලාව ඔස්සේ පවතින ආර්ථික සමාජ ව්‍යසනයට සාධනීය පිළිතුරක් දෙන බව ලිඛිතව දන්වමින් සැබෑ විසඳුම් සෙවීම පසෙක ලා ජනාධිපතිවරයා සුපුරුදු පක්ෂ දේශපාලනයම සිදුකළ බවත් එම ව්‍යාජ හැසිරීමට දැඩි අප්‍රසාදය පලකරන බවත් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ලිපියේ සඳහන් වේ.

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ලෙස තමන් වහන්සේලා එදා ඉදිරිපත් කළ යෝජනා මාලාවට ආරම්භයේ දීම යම් නම්‍යශීලී බවක් දැක්වූයේ නම් මේ රටත් අහිංසක ජනතාවත් මේ සා විශාල ව්‍යසනයකට පත් නොවන බවත් උන්වහන්සේලා ජනපතිට කියති.

ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවට ජනතා විරෝධය මර්ධනය කරමින් ගෙනයන රජයේ මේ වැඩපිළිවෙළ ජන සමාජයෙන් මෙපමණ තීව්‍ර ලෙස ප්‍රතික්ෂේප වන පසුබිමක ජාත්‍යාන්තර ආධාර ලබා ගැනීම ද දැඩි අර්බුදයකට පත්වී ඇති බව උන්වහන්සේලා පෙන්වා දෙති.

එහෙයින් තවදුරටත් ආත්මාර්ථකාමී අසංවේදී පටු දේශපාලන න්‍යාය පත්‍රයන්හි එල්බ නොසිට මේ අර්බුදයේ ගැඹුර වටහාගෙන තනතුරු, වරප්‍රසාද, බලය,  පසෙක ලා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සෑම ජනතා නියෝජිතයෙක්ම ඉදිරිපත් විය යුතු බව උන්වහන්සේලා දන්වා සිටිති.

යළිත් වරක් යෝජනා අටකින් යුත් යෝජනා මාලාවක් සහිතව ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපති අමතන එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

letter 2

letter 1

letter 3


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්