leader s

මීටර් 100 ඉසව්වෙන් මෙම වසරේදී ආසියානු ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත් ම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (ජූලි 3) සමත් විය.


ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමිනි.

ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි.

යුපුන් අබේකෝන් මීට පෙර එම වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සනිටුහන් කරගෙන තිබුනේ තත්තර 10.06 ලෙසයි.

තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් ඊයේ වාර්තා අතරට එක් විය. 

291803383 5487450034627827 1783350415773978268 n


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්