ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් රැගෙන හෙට (06) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ නෞකාව දින තුනක් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසයි.
ඒ අනුව එම නෞකාව එලඹන 09 වනදා මෙරටට පැමිණෙනු ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසිය.
ලබන 11 සහ 16 යන දින වලදීද ගෑස් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ලෝක බැංකුවේ සහය ඇතිව ඉදිරි කාල සීමාව තුල ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ගෙන්වීමටයි ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.
ලිට්රෝ සභාපති මුදිත පීරිස් 'නෙත් නිවුස් 'වෙත පෙරේදා ප්‍රකාශ කර සිටියේ, ජූලි 31 වනදා වනවිට ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද අඛණ්ඩව නිකුත් කළ හැකි වනු ඇතැයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
සබැඳි පුවත් :
06 වෙනිදා නැවක් එයි ! -ජුලි අග වනවිට ගෑස් හිඟය අවසන් !
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.