''අගමැති එලවන එක දේශපාලනඥයින්ට කරගන්න කියලා තමන් බාරගත්ත වගකීම

ඉටු කරනවා නම් තමයි වඩා හොඳ'' යයි පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් ඔහු එම කාරණය සඳහන් කර ඇත්තේ කැබිනට් අමාත්‍ය, ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අද (06) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට  මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනලෙස කළ බලපෑමට ප්‍රතිචාරයක් වශයෙනි.

sere3

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඔහුට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට කටයුතු කලේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි. ධම්මික පෙරේරා පසුගියදා එබව ප්‍රසිද්ධියේම ප්‍රකාශකර තිබිණ.

රටේ ආර්ථික අර්බුදය විසඳීමට නිසි සැලැස්මක් නැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අද (ජුලි 06) ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය වශයෙන් රටේ ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සැලසුමක් නොමැති බවත් චෝදනා කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කළේ ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කළ යුතු බවයි.

 

 fght

 
 
 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්