යෝජිත අන්තර් කාලින ආණ්ඩුවේ අග්‍රමාත්‍ය ධුරයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගේ නම යෝජනා වී ඇතැයි විපක්ෂයේ

අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂද ඊයේ(10)  දිනයේ විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබිණ නමුත් එහිදී අග්‍රාමාත්‍ය ධුරයට නම් කරන්නේ කව්රුන්දැයි එකඟත්වයකට පැමිණ නොතිබිණ.  හිමිවන්නේ

කෙසේවුවද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 'මව්බිම' පුවත්පතට පවසා ඇත්තේ, කඩිනම් මැතිවරණයකට යන තුරු ස්ථාපනය කරන අන්තර්කාලීන ආණ්ඩුවේ අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවරෙන වගකීම ඉටු කිරීමට සූදානම් බවයි.

රටේ අරගලකරුවන් අපේක්ෂා කරන දේශපාලන හා ආර්ථික වෙනස සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම ස්ථිර කළ හැක්කේ ලැබෙන ජනතා වරම අනුව බැවින් එතෙක් ජනතාවගේ පොදු වූත් ප්‍රධාන වූත් ගැටලු කිහිපය කඩිනමින් විසඳිය යුතු බව ඔහු කියා සිටියි.

මෙම ජනතා අරගලයේ සැබෑ අරමුණ තුළ විශාල ගැඹුරක් තිබෙන බැවින් එය ක්‍රමානුකූලව කළ යුතු බවත් ඒ අනුව ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

 

මුලින් ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් “අලුත් අලුත් ජිල්මාට් නොදා” වහා ම ඉවත් විය යුතු බවත් ඒ සමග ම අගමැති රනිල් වික්‍රමසිංහ ද විවිධ තර්ක විතර්ක කරමින් බලයේ රැඳී සිටීමට ප්‍රයත්න නොදරා ඔහු ද ඉවත් විය යුතු බවත් අනුර දිසානායක අවධාරණය කර සිටියි.

 

විශේෂයෙන් ම රටේ දේශපාලනයේත්, ආර්ථිකයේත්, සංස්කෘතිය තුළත් වෙනස් විය යුතු විශාල කරුණු රාශියක් අරගලය තුළ තිබෙන අතර ඒවා ඉටු කිරීම වෙනුවෙන් තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ඇපකැප වන බව ඔහු සහතික කර සිටියි.

එම නිසා ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බවත් ඊට කලබල විය යුතු නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙම ජයග්‍රහණය ස්ථිර ජයග්‍රහණයක් බවට පත්කිරීමට නම්, ජනතාවගේ අරගලයේ සැබෑ හරය තේරුම් ගත යුතු බවත් ගෝඨාභය – රනිල් එළවීමෙන් ම පමණක් එය ඉටු නොවන බවත් ඔහු අවධාරණය කර සිටියි.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්