ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ එස්.කිව් 437 සිංගප්පූරු ගුවන් යානයෙන් පිටත් නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ආරක්ෂක හේතුන් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අලෝමා රාජපක්ෂ සහ ආරක්ෂකයන් දෙදෙනා එම ගුවන් යානයෙන් පිටත් නොවූ බව එම මාධ්‍ය සඳහන් කළේය.

සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.



ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවයි. SQ437 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ මාලේ නුවර සිට සිංගප්පූරුව බලා යාමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බව එම පුවත් සේවය වාර්තා කර ඇත.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (13) මාලදිවයින් වේලාවෙන් පස්වරු 11.25 ට සිංගප්පූරුවට පිටත් වීමට නියමිත තිබූ බැවින් මාලදිවයිනේ වෙලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ බවත් සිංගප්පූරුවට යෑමෙන් පසු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යැවිය හැකි බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ හා තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණේ ඊයේ අලුයමයි.


ජනාධිපති ගෝඨාගෙන් ගැසට්ටුවක්


ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (13) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණ.

තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිධූරයේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් එම කාලය තුළ කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පැවරෙන බලතල අනුව මෙම පත්වීම කරන බව එහි දක්වා තිබේ.
 
2022.07.13.Gazette
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්