සාමකාමී අරගලකරුවන්ගේ ක්‍රියාවන් සඳහා අවස්ථාව ඇති බවත්, කැරලිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් වැඩබලන ජනාධිපති අද (15)

සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව ද ඔහු අවධාරණය කර සිටියි.

ඒ අනුව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එකතුවී වැඩ කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්වයන් සඳහා ආරාධනා කරන බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු එම කාරනා සඳහන් කර සිටියේ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අද (15) දහවල් දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිදු කණ්ඩායමකට කිසිවිටෙක ඉඩ නොදෙන බවද වැඩබලන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.


‘‘අතිගරු ගලවයි‘‘


ජනාධිපතිවරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බව ද රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේය.

 

ජාතියක් ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවනේ සිට බව ද පැවසූ ජනාධිපතිවරයා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ද කීය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ( 2022 ජුලි 14 දින) සිට නිත්‍යානුකූල ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බව අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අනුව ඉන් හිස් වන ජනාධිපති ධුරයේ වැඩබැලීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙම දිවුරුම්දීම කොල්ලුපිටිය වාළුකාරාමයේදී සිදුවිය.

PHOTO 2022 07 15 15 12 05PHOTO 2022 07 15 15 12 06PHOTO 2022 07 15 15 12 06 1PHOTO 2022 07 15 15 12 05 1



 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්