1200 x 80 DMirror

 
 

සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියි.

අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී වැඩබලන ජනාධිපතිවරයා එම කාරණා සඳහන් කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන, ගැස් හා අත්‍යවශ්‍ය  අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර ඇත.


ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් එ සදහා තවත් අතිරේක  මුදල් යෙදවීමට තිරණය කර තිබේ.

අහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවේදී වැඩබලන ජනාධිපති උපදෙස් දෙන ලදි.

විශේෂයෙන්ම ඉන්ධන සහා පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය.

 එමෙන්ම තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දිම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යොජනා වි තිබේ.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා