leader s

ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (International Democratic Union) සඳහන් කරයි.

ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි.

ජනාධිපති වික්‍රමසිංහ බලයට පත්වන්නේ රට මුහුණ දුන් අභියෝගාත්මකම දේශපාලන හා ආර්ථික තත්ත්වය තුළ බවත්, සය වතාවක් අගමැතිවරයකු ලෙස වික්‍රමසිංහ යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා සහයෝගය ලබා ගනිමින් දේශපාලන අර්බුද විසඳා ගත හැකි බව ඔප්පු කර ඇතැයි ද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.

රට අර්බුදයෙන් මුදා ගැනීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මූල්‍ය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව, ජනාධිපති වික්‍රමසිංහ දරන ප්‍රයත්නයට සහාය දෙන ලෙස සියලුම ජාත්‍යන්තර මිතුරන්ගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්