1200 x 80 DMirror

 
 

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව

ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (26) දැනුම් දුන්නේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා මගිනි.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගැණීනි.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ, මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.

ඒ අනුව, මේ පිළිබදව කරුණු දැක්වීම සදහා සියලු වගඋත්තරකරුවන්ට අවසථාව සලසා දෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට  කැදවීමට නියෝග කළේය.

මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණේ, ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශ්ව 12ක් විසිනි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

(lankadeepa.lk)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58