leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් තුසිත හල්ලොලුව පත්කර ඇත.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව රාජ්‍ය ආයතන කිහිපයකම ඉහල තනතුරු දැරූ අයෙකි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ මෙන්ම, මංගල සමරවීර, අමරසිරි දොඩන්ගොඩ, අනුරුද්ධ රත්වත්ත, අනුර ප්‍රියදර්ශනයාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, සහ ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන්ගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙස  වසර ගණනාවක් කටයුතු කර ඇති හල්ලොලුව, මහජන සම්බන්ධතා විෂය කෙරෙහි පුළුල් අද්දැකීම් සහිත දේශපාලන චරිතයකි.

මංගල සමරවීර ගේ හදිසි අභාවයෙන් පසු වජිර අබේවර්ධන සමග එක්ව යලි සක්‍රිය දේශපාලනයට පිවිසි හල්ලොලුව, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ අයකු ලෙස සැලකේ.

WhatsApp Image 2022 07 29 at 6.15.50 PM

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්