වර්තමාන ජනාධිතිපති රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ඔහුගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී සියයකට අධික පොලිස් විශේෂ කාර්ය බලකායකට අණදෙමින් රාජකාරියේ යෙදී සිටි මාධ්‍යවේදීන්

පිරිසකට පහර දීමට කෙලින්ම වගකිවයුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ නම් කර තිබේ.

ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ එම පහරදීම සිදුවු  දිනයේදි මාධ්‍යවේදින්ගෙන් පොලිසියට කිසිදු තර්ජනයක් නොතිබූ බවට කිසිදු සැකයක් නොමැති බවයි.

මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ සදහන් පරිදි මාධ්‍යවේදීන්ට පහර දෙන අවස්ථාවේ තමා එම ස්ථානයේ සිටි බව රොමේෂ් ලියනගේ විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර  මාධ්‍යවේදින්ට පහර දුන් බවට තමා කිසිසේත්ම දැන නොසිටි බවත් රොමේෂ් ලියනගේ කොමිසමට පවසා තිබේ.


"දිවුරුමක් යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ දුන් සාක්ෂියේ විශ්වසනීය භාවය ගැන බරපතල සැකසංකා මතුවේ," යි සභාපතිනි රෝහිණී මාරසිංහ පවසයි. 



"එම දිනයේ මාධ්‍යවේදීන්ට පහර දීම ගැන සුපැහැදිලි ලෙසම වගකිව යුත්තේ ඔහුය. මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ද, ඊටත් වඩා සියලුම ප්‍රජාතන්ත්‍රවාදවල අනුල්ලංඝනීය අංගයක් වන නිදහස් මාධ්‍ය අයිතිය ගොරතර ලෙස කෙලෙසීමක් වන්නේය." 

මාධ්‍යවේදීන්ට පහරදීම දැක්වෙන අදාළ විඩියෝ දර්ශන මානව හිමිකම් කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පෙන්වා ඇති අතර එම රූප රාමුවල දැක්වෙන්නේ එම සිදුවීම බව ඔහු විසින් පිළිගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ ගේ අණ පරිදි ජුලි 9 වැනිදා මාධ්‍යවේදින්ට එල්ල කළ ප්‍රහාරයෙන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් ගණනාවකට තුවාල සිදුවිය.

සරසි පීරිස්, කාලිමුත්තු චන්ද්‍රන්, ඉමේෂ් සදර්ලන්ඩ්, චානුක වීරකෝන්, බනිඳු ලෝකුරුගේ, වරුණ සම්පත්, ජුඩින් සින්දුජන් සහ ජනිත මෙන්ඩිස් එම මාධ්‍යවේදීන් බව සිරස මාධ්‍ය ජාලය විසින් නම් කර තිබුණි. 

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාධ්‍යවේදීන් හඳුනාගෙන තිබියදීත් ඔවුන්ට මෙලෙස පහරදීම සිතාමතාම සිදු කර ඇති අතර එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත් අගෝස්තු 2 වැනි අගහරුවාදා කොමිසම විසින් දැඩි දෝෂ දර්ශනයෙන් යුතුව නිකුත් කළ නිවේදනයේ සදහන්ය.



ජනාධිපතිවරයාගේ නිවස අසලදී ජූලි 9 වන දින සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදින්ට පහරදිම සම්බන්ධ විමර්ශන අවසන් වන තෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ කොළඹින් පිටතට මාරු වීමක් ලබා දෙන ලෙස පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට නිර්දේශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සදහන් කරන්නේ, ප්‍රහාරය සිදුවු මොහොතේ එම ස්ථානයේ රාජකාරි සදහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 140 දෙනකු අණදුන් නිලධාරියා ඔහු  බවයි.


සිවිල් මෙහෙයුම් සඳහා කැළෑ ඇඳුම් වැනි නිල ඇඳුම් සුදුසු නොවන බව පොලිස්පතිට නිර්දේශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සිවිල් රාජකාරී සඳහා යෙදවීමේදී සුදුසු නිල ඇඳුමක් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.

ජුලි 9 වැනි දා මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීමට අදාළව වැඩතහනමට ලක්ව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ජුලි 21 වැනිදා සිට නැවත සේවයේ පිහිටුවා තිබු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ, අධිකරණ ක්‍රියාමාර්ග හා විනය පරීක්ෂණවලට යටත්ව මෙම නිලධාරියා නැවත සේවයේ පිහිටුවා ඇති බවයි.


සිය නිගමන සහ නිර්දේශ ඇතුළත්ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉංග්‍රිසි බසින් නිකුත් කර ඇති වාර්තාව මෙතනින් බලන්න 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්