leader s

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ, පසුගිය ජුලි 09 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ චෝදනා මතයි.

වැලිගම සහ කඩවත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඔවුන් දෙදෙනා ජනාධිපති මන්දිරය තුළ සිටින ජයරුපද පොලිසිය විසින් මේවනවිට මාධ්‍යට මුදාහැර තිබේ.

ඒ අතර ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට මෙන්ම අග්‍රමාත්‍ය කාර්යාල තුලට ඇතුල්වූ පුද්ගලයින් හා ඔවුන් එම ගොඩනැගිලිවල දේපලවලට අලභාහනි කලේද යන්න සම්බන්ධයෙන් වීඩියෝ හා ජයාරූප ආශ්‍රයෙන් හඳුනාගැනීම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.


Bank se
වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්



ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ .

එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු  ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු



පැතුම් කර්නර්ට ඇප



මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (4) නියෝග කලේය.

එමෙන් ම, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට සහ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

සැකකරුට සෑම මසකම අවසන් ඉරු දින උදේ 9-12 අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට අධිකරණය ඇප ‌කොන්දේසි නිකුත් කෙරින.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ජූලි 28 වන දා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, බත්තරමුල්ල පොල්දූව මංසන්දියේ දී ඉකුත් 13 වැනිදා සිදු වූ උද්ඝෝෂණයේ ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි චෝදනා කරමිනි.

අනතුරුව ඔහු අද (අගෝ. 4) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්