තිස් වසකට පෙර, රජයේ හමුදා සිදුකළ සමුහ මිනිස් සංහාරයක නඩු විභාගය යළි සලකා බලන ලෙස පීඩිත දෙමළ ගම්වැසියන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

1992 වසරේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමයේ සිදු කළ මඩකළපුව, මයිලන්දනේ සමුහ ඝාතනයේ මියගියවුන් මල්, පහන් දල්වා පුල්ලෙයාර් සාමි කෝවිලේදී සැමරීමෙන් අනතුරුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් යොමු කළ බව මයිලන්දනේ ගම්වැසියෝ පවසති.

එම සංදේශය මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ, සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින්, ඔවුන්ගේ නඩු වියදම් ආණ්ඩුව විසින් දරමින්, සංහාරයෙන් හානියට පත් අයට වන්දි ලබා දෙමින්, නැවතත් මෙවැනි ඝාතන සිදු නොවන බවට සහතික වෙමින් මයිලන්දනේ මිනිස් සංහාරය ගැන යළි විමශනය කරන ලෙසයි.


IMG 8173

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ද කැබිනට් ඇමැතිධුරයක් ඉසිලු ප්‍රේමදාස ආණ්ඩු සමයේ සිදු මෙම සමුහ සංහාරයෙන් කුඩා දරුවන්, ගැබිණි මව්වරු ඇතුළු 39 දෙනෙක් කපා කොටා මරා දමා තිබිණි. තවත් 34 දෙනෙකු තුවාල ලබා දිවි ගළවා ගැනීමට සමත් වී ඇත.

 1992 අගෝස්තු 9 වැනිදා මයිලන්දනේ ගමට පැන මෙම ඝාතනය සිදුකළ බවට සිද්ධිය ඇසින් දුටුවන් විසින්  පුනානි හමුදා කඳවුරේ සෙබළුන් 24 දෙනකු  මඩකළපුව දිසා අධිකරණයේදී පැවති පෙරට්ටුවේදී හඳුනා ගැනිණි.

මඩකළපුව දිසා අධිකරණයේ 1992 අප්‍රියෙල් 02 වැනිදා පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව සැකකාර හමුදා සෙබළුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට යැයි පවසා පොලොන්නරුව අධිකරණය වෙත නඩු විභාගය මාරු කර තිබේ.

ඝාතනය ගැන මඩකලපුවේ උසාවියේදී  ලබා දුන් 30 දෙනකුගේ සාක්ෂි සටහන් ද සමගින් යළිත් පොළොන්නරුවෙන් කොළඹ අධිකරණය වෙත විමර්ශන මාරු කෙරිණි.



මයිලන්දනේ සිට කොළඹ පැමිණෙන සාක්ෂිකරුවන් බිය ගැන්වීමත් සමගින් නඩුවේ විමර්ශනය ඔවුන්ගෙන් තොරව ජුරි සභාවක් විසින් පැවැත්වූ බව ගම් වැසියන් ජනාධිපතිට ලියු ලිපියේ දැක්වේ. එම ජුරිය විසින් තීන්දු කරනු ලැබුවේ සැකකාර හමුදා සෙබළුන් 18 දෙනකු මෙම ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් නොවන බවයි.


නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට අනුව අදාළ සැකකරුවන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද නොතකා හරිමින් සර්ව සිංහල ජුරියක් විසින් එම තීන්දුව යළි සහතික කෙරිණි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාලන සමයේ  2007 දෙසැම්බර් 27 වැනිදා සැකකාර හමුදා සෙබළුන් 18 දෙනා නිදහස් කරනු ලැබුවේ මරා දැමුවන්ගේ ඥාතීන්ගේ, ගම්වැසියන්ගේ හා මානව හිමිකම් ක්‍රියාධාරීන්ගේ බලවත් විරෝධය මැදයි.

වසර තිහක් ගතවීත් යුක්තිය පතන මයිලන්දනේ ගම්වාසින් කියා සිටින්නේ මෙම ජුරි සභා තීන්දුව ඔවුන් පිළිනොගන්නා බවයි. මෙම සංහාරයට මැදිවූ සියලු දෙනා වෙනුවෙන් නැවතත් එම නඩුව විභාගයට ගන්නා ලෙස මෙම සංදේශය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

 

 

 

{gallery}Kevin Puja{/gallery}

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්