මෑත කාලීන ආණ්ඩු තුනක් විසින් රටේ ආර්ථිකය කලමණාකරණය කල වැරදි පිලිවෙත් නිසා

ජනතාව අද දුක් විදින බව පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.


හිටපු ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා එබව පැවසූවේ,  පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ  නියෝජිතයින් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෘත්තිකයන් පිරිසක් ඊයේ (20) හමුවූ අවස්ථාවේදීය.

එහිදී ඔහු මෙසේ පැවසිය.

''සමහර අය හිතන් ඉන්නවා මේ රටේ ආර්ථිකය කඩා වැටුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ කියලා. ඒක නිවැරදි මතයක් නොවේ. ඔහුගේ රජයටත් මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබුනාට මේ ආර්බූදය ආරම්බ උනේ මීට බොහෝ කලකට පෙර. ආණ්ඩු ගනනාවක් මෙයට වග කියන්නට ඕනේ,. ඒ අතර යුද්ධයෙන් පස්සේ බලයට ආපු ආණ්ඩු තුන විශේෂයෙන්ම වග කියන්නට ඕනේ.

2009 යුද්ධය අවසන් වුනාට පස්සේ ‍රජය විශාල වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනයට මුදල් වියදම් කරන්න පටන් ගත්තා. වරායවල්, ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග වගේ දේවල් ගැන එදා ආණ්ඩුව ආඩම්ඹරයෙන් කතා කළා ..



''නමුත් මේ සංවර්ධන කටයුතු සඳහා රජය විශාල වශයෙන් ණය ගත් බව එදා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුනේ නෑ.  2009 -2015 කාලය තුල රටේ ණය බර රුපියල් බිලියන 2200 සිට බිලියන 7400 දක්වා වැඩි උනා. මේ ණය අතර විදේශ ණයත් විශාල ප්‍රමාණයක් තිබුනා. විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව තමයි ඉහල පොලී වලට කෙටි කාලීන වානිජ්‍ය ණය ගන්න පටන් ගත්තේ. ඔවුන් ඩොලර් බිලියන 5 ක විදේශ ණය ඇරන් තිබුනා මේ ක්‍රමවේදයට''




මේ රටේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් තමුන්ගේ ජීවිතයේ දියුණුවක් ඇතිකරගන්න ණය ගන්නවා. වාහනයක් ගන්න ගෙයක් හදාගන්න තමුන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බොහෝවිට අපි උපයන ආදායමෙන් විතරක් කරන්න බෑ. ඒ නිසා අපිට ණය ගන්න සිද්ධ වෙනවා. හැබැයි අපි ගන්න ණය ගෙවන්න පුලුවන් විදියට අපේ අදායම වැඩි කරගන්න ඕනේ. එහෙම නොකොලොත් ටිකින් ටික ණය ගොඩ ගැහිලා අමාරුවේ වැටෙනවා.

ආන්ඩුවටත් ආදායම් එන මාර්ග කීපයක් තියෙනවා. විශේෂයෙන්ම බදු ආදායම, රාජ්‍ය ආයතන වලින් එන ලාභ, බලපත්‍ර ගාස්තු ආදී වශයෙන්. හැබැයි මේ ආදායම මදි රජයේ වියදමුත් දරාගෙන සංවර්ධන කටයුතුත් කරන්න. ඒ නිසා තමයි අර විදියට ණය ගන්න සිද්ධ වෙන්නේ. හැබැයි රජයක් වුනත් ණය ගන්න කොට ණය ආපහු ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ.

ht6yමත්තලට ගුවන් යානා එන්නේ නැත්නම් ආදායමක් කොහෙන්ද


2009-2015 කාලේ තිබුන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආන්ඩුව දිගින් දිගටම ණය ගත්තට ණය ආපසු ගෙවන්න ආදායම වැඩි කරගන්නේ කොහොමද කියලා කලපනා කලේ නෑ. බිලියන ගානක් වියදම් කරල හදන ගුවත් තොටුපලට ගුවන් යානා එන්නේ නැත්නම් ආදායමක් කොහෙන්ද. අධිවේගී මාර්ග වලින් ප්‍රයෝජන ගන්න රටේ ව්‍යාපාර දියුණු කරන්නේ නැත්නම් ඇතින් ප්‍රයෝජනය කුමක්ද ?  අපනයන කර්මාන්තය දියුණ කරන හැටි සොයා බලන්නේ නැතුව වරාය විත්‍ රක් හැදුවම රට දියුණු වෙනවද ?



මහා විශාල නාස්තියක් හා දූෂණයක් ...

මීට අමතරව තවත් ප්‍රශ්නයක් තිබුනා. එදා විපක්ෂය චෝදනා කලා මේ මහා යටිතල පහසුකම් සංවර්ධනය පිටිපස්සේ මහා විශාල නාස්තියක් හා දූෂණයක් තිබුනා කියලා. ඒකෙත් ඇත්තක් තිබුනා. මොකද සාදා නිම කල බොහෝ ව්‍යාපෘතිවල සැබෑ වටිනාකම වියදම් කල මුදල සාධාරණීකරණය කරන්න ප්‍රමානවත් උනේ නෑ.

මම එක උදාහරණයක් දෙන්නම්. හම්බන්තොට වරාය හදන්න ඩොලර් මිලියන 1750 ක් වැය කරලා තිබුනා. ඒ සඳහා ණය ලබා දීලා තිබුනේ චීනෙන්.

ඔය වරාය පසු කලක රනිල් වික්‍රමසිංහ මහත්තයගේ යහපාලන ආන්ඩුව විසින් චීනයටම විකුණා දමනු ලැබුවා. ඒ වෙලාවේ චීන සමාගම් දෙකක් වරායට ලංසු තැබුවා. ඉන් වැඩිම ලංසුව ඩොලර් මිලියන 1100 යි. ඒ කියන්නේ වරාය හදන්න ගත්ත ණය මුදල් කොහෙද ගියේ කියන ප්‍රශ්ණය කාට හරි  අහන්න වෙනවා.

වරාය හදන්න ගත් ණය මුදලින් කොටසක් නාස්ති කලාදා, හොරකම් කලාද, වාෂ්ප උනාද ? එහෙමත් නැත්නම් කවුරු හරි වරාය අඩු ගානට විකුනලා කුට්ටියක් තියාගත්තද ? ඔය ප්‍රශ්ණවල සාධාරණ බවකුත් තියෙනවා.



ඒ කෙසේ හෝ වේවා 2015 මහින්ද රාජපක්ෂ ආන්ඩුව පැරදුනා, රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආවා සිරිසේන මහත්තයත් එක්ක. මිනිස්සු හිතුවා මේ අය රටේ ණය බර අඩුකරයි. නාස්තිය දූෂනය නැති කරයි කියලා. නමුත් ඔවුන් ඒ දෙකම කලා කලින් හිටපු ආණ්ඩුවටත් වඩා බරපතල විදියට.

 බලයට ඇවිත් මාස 3 යන්න කලින් කුප්‍රකට මහ බැදුම්කර මංකොල්ලය කලා. තව ගල් ඇඟුරු වංචාව, පොහොර වංචාව, බඩ ඉරිඟු වංචාව වගේ බොහෝ වංචා දූෂණ ගැන අපට අහන්නට ලැබුණා.

ණය ගන්න ගිය විටත් ඔවුන් කලින් ආන්ඩුවට දෙවෙනි උනේ නෑ. සමසථ ණය බර රුපියල් බිලියන 7400 සිට රුපියල් බිලියන 13,000 ට වැඩි වුනා මේ අවුරුදු 5 තුල. වසර 5 ක් තුල ඔවුන් ඩොලර් බිලියන 12 ක් කෙටි කාලීන විදේශ ණය ගත්තා අධික පොලී අනුපාතයන්ට. අනවශ්‍ය මුදලක් වියදම් කරලා හරි මහින්ද රාජපක්ෂ මහත්තායා හදපු දේවල් අපිට දකින්නට තියෙනවා. රට මේ විදියට ණය කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හදපු දෙයක් අපට හොයා ගන්න අමාරුයි.

 

cfytyඡන්දේ දුන්න ජනතාව බලාපොරොත්තු උනා සැබෑ වෙනසක්.

කොහොම හරි ගෝටාභය රාජපක්ෂ මහත්මයා බලයට ගෙන එන්නට මහංසි වූ කන්ඩායම දැන හිටියා අපි අතට ගන්නට යන්නේ කොයි වෙලේ පුපුරයිද දන්නේ නැති බෝම්බයක් වගේ ආර්ථිකයක් බව. ඒ නිසා අපි ඒ ආර්ථිකය කලමණාකරන හැටි ගැන හොඳින් කල්පනා කරලා සැලැස්මක් හැදුවා.

ඒ සැලැස්ම ගැන තමයි ගෝටාභය රාජපක්ෂ මහත්මයා වේදිකාවක් වේදිකාවක් ගානේ කතා කලේ. ඒ සැලැස්ම විශ්වාස කරලා තමයි මේ රටේ අති බහුතරයක් ජනතාව එතුමාට චන්දය දුන්නේ.

ඒ චන්දය දුන් ජනතාව බලාපොරොත්තු උනා සැබෑ වෙනසක්. අළුත් කන්ඩායමක් ඇවිල්ලා මේ නාස්ථිය දූෂණය නතර කරලා, රාජ්‍ය පාලනය කාර්යක්ෂම කරලා අද තරුන පරපුර ඉල්ලනවා වගේ SYSTEM CHANGE එකක් කරයි කියලා ජනතාව බලා පොරොත්තු උනා.



නමුත් බලයට ආවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ සැලැස්ම සකස් කල පිරිස අමතක කරලා 2015 ට පෙර රටේ ආර්ථිකය කලමනාකරණය කල පිරිසටම ආර්ථිකය බාරදීමයි. පරණ ඥාතියෝ, පරණ දේශපාලනඥයෝ පරණ නිලධාරියෝ . ඉතින් මොන SYSTEM CHANGE ද


දශක 2 ක් විතර කාලයක් ආර්ථිකය අවකලමණාකරනය කරපු අය සුපුරුදු විදියට ජනතා අවශ්‍යතා අමතක කරලා ඒ අයට ඕනෙ විදියට කටයුතු කලා. කිසිම සාකච්චාවක් තිබුනේ නෑ වෙන කා එක්කවත් ආර්ථිකය ගැන. ඉතින් පෙර වැරදි නැවත නැවත සිදු වුණා. අවසානයේ අපිත් අසාර්ථක වුණා ආර්ථිකය කඩා වැටුනා ජනාධිපතිතුමාටත් යන්න වුණා..


''අද අපිට තියෙන ලොකුම ගැටලු දෙකක් තියෙනවා''

අද අපිට තියෙන ලොකුම ගැටලු දෙකක් තියෙනවා. එකක් වසරකට රුපියල් බිලියන 2000 ක් පමන වන දේශීය වියදම් හා දේශීය ආදායම් අතර පරතරය. අනික වසරකට ඩොලර් බිලියන 7 ක් පමන වෙන විදේශ වියදම් හා විදේශ ආදායම් අතර පරතරය.

දේශීය ආදායම් පරතරය මුදල් අච්චු ගහලා රටේ උධමනය අහස උසට යන්න දීලා හරි පියවා ගත්තා කියමු. විදේශ මුදල් අපිට අච්චු ගහන්න බෑ. විදේශ මුදල් හොයන්නම වෙනවා.

මේ වසරේ සිට ඉදිරියට එන අවුරුදු 5-6 කාලය තුල සෑම වසරකම අපට ඩොලර් බිලියන 5 ක පමන ප්‍රමාණයක් විදේශ ණය හා පොලී ගෙවන්නට තිබෙනවා. නමුත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ සිට අපි විදේශ ණය ගෙවීම නතර කරලා තියෙනවා. කොටින්ම කියනවානම් රට බංකොලොත් කියලා පිලි ඇරං තියෙනවා.



පහුගිය කාලේ තෙල් ටික ගෑස් ටික වත් ගෙන්වා ගන්නට බැරුව හිටපු අපේ රටට තාවකාලිකව මේ ප්‍රශ්ණේ විසඳුනා වගේ පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා මැජික් එකක් කරපු නිසාවත් දැන් අපිට වැඩි පුර විදේශ මුදල් එන නිසා නෙමෙයි. අපි ණය පැහැර හැරපු බංකොලොත් ආන්ඩුවක් නිසායි මේ තාවකාලික සුවය. ඒක හරියට අපායේ ඉන්ටවල් එක වගේ.


තමුන්නාසේලා දන්නවා ණයට කාලා ණය ගෙවන්නේ නැතුව ඉන්නකොට තාවකාලික ස්වයං වින්දනයක් තිබුනට කවද හරි දවසක පොලීසියට අහුවෙලා හිරේ යනවා කියලා.

ඒ නිසා ලංකාවටත් හැමදාම ණය නොගෙවා ඉන්න බෑ. වැඩි කල් නොගිහින් බෙල්ලටම හිර වෙනවා. අපිට පිටරටින් ගෙන කිසිම දෙයක් ගෙන්නන්න බැරි වෙනවා. එදාට අපිට තෙලුත් නෑ, ගෑසුත් නෑ ,පොහොරත් නෑ, කිරි පිටිත් නෑ, බෙහෙතුත් නෑ
 
 ඒ නිසා මේක සෙල්ලම් කරන්න පුලුවන් වෙලාවක් නෙමෙයි කාලය මරමින් ඉන්නේ නැතුව ආන්ඩුව වැඩට බහින්න ඕනේ, නමුත් අපිට තාම එහෙම වැඩ පිලිවෙලක් නම් පෙනෙන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා දැන් මාස 3 ක් ඉවරයි. ඩොලර් කීයක් අළුතින් රටට ගෙනාවද. ජනාධිපති වෙලා දැන් මාසයයක් ඉවරයි, තාම කැබිනට් එකවත් පත්කර ගත්තද ?

මේ ප්‍රශ්ණ ගැන අපි අවධානෙන් ඉන්නේ. අපි නම් පැහැදිලිවම ජනාධිපතිතුමාට කියා තිබෙනවා අපට ඇමති කම හෝ වෙනත් වරප්‍රසාද එපා. ඒවා දෙන්න ඒවාට පොරකන අයට. ඒ අයට ඒවායෙන් විශේෂ වාසි ඇති. අපි ඒවා බලාපොරොත්තු වෙන අය නෙමෙයි. අපට ඕනේ මේ රටේ ජනතාව විදින් දුකෙන් මුදවා ගන්නයි.

ඒ නිසා රජය නිවැරදී දේ කලොත් අපේ සහාය දෙන්න ඕනෑම වෙලාවක සුදානම්.

නමුත් ඉස්සර ආන්ඩු වගේම ජනතාව රවටමින්, ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට, යලිත් නාස්ථිය දූෂණය රජ යන යුගයකට රට ගෙනියන්නට සූදානම් වුනොත් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කොට එවාට එරෙහිව සටන් කරන්නටත් අපි සූදානම් "

059069 1069 2

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්