රටේ ත්‍රස්තවාදයක් නොමැති දේශපාලන පසුබිමක “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේ

මේ දිනවල සිදු  කෙරෙන අත්අඩංගුවට ගැනීම් නීතිය අවභාවිතාවේ යෙදවීමක් ලෙස නිදහස් වෙළඳ කළාප කම්කරුවන් නියෝජනය කරන පැරණිතම වෘත්තීය සමිතියක් විසින් හෙලා දැක තිබේ.

එසේ අත් අඩංගුවට ගනු ලැබූ සියලු දෙනා වහා නිදහස් කළ යුතු යැයි ඉල්ලා සිටින නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අවධාරණය කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන මෙන් ආණ්ඩුවට බල කිරීම සඳහා දකුණේ සිංහල - බෞද්ධ සමාජය ද ඉදිරිපත් විය යුතු බවයි.

මානව හිමිකම් සංවිධාන විසින් හා ජාත්‍යන්තර සංවිධාන විසින් ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නට දිගින් දිගටම ආණ්ඩු වලට බලපෑම් කෙරෙන පසුබිමක ආරක්ෂ අංශ ද එම පනත භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ඉල්ලා සිටි.

පැය 72 ක් රඳවා තබා ගැනීමේ නියෝග මත සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ සමග තවත් දෙදෙනකු සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර ගෙන ඇතැයි ද ඔවුන් ආණඩු විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධදැයි පරීක්ෂා කරන මෙන් පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි ද අගෝස්තු 21 වන දින පොලිස් ප්‍රකාශක මාධ්‍යයට කියා තිබු බව සිහිපත්කරන වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙන්නේ, ආණ්ඩු විරෝධයට “කුමන්ත්‍රණ” යැයි කියූ පමණින් එය දඬුවම් කළ හැකි වරදක් නොවන්නේ ආණ්ඩු මාරු කිරීමේ අයිතිය ජනතාව සතු පරම අයිතියක් වන නිසා බවයි.


"පවතින නීති අනුව වරදක් වන්නේ “රාජ්‍ය විරෝධී” කුමන්ත්‍රණ පමණි. දේශපාලන නායකයන් හා මාධ්‍ය ඇතුලු බොහෝ අය “ආණ්ඩු” වෙනුවෙන් “රජය” යැයි නොදැනුවත්ව භාවිත කළ පමණින් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ “රාජ්‍ය විරෝධී” කුමන්ත්‍රණ ඝණයේ ලා සැළකිය නොහැකිය. "



අත් අඩංගුවට ගෙන ඇති අය ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු අය යැයි ද ඔවුන් විසින් සාමය කඩ කර ඇතැයි ද සහ ඒ වන විට ඔවුන්ට එරෙහිව පනවා තිබූ අධිකරණ නියෝග උල්ලංඝණය කර ඇතැයි වැනි චෝදනා තිබේ නම්, ඒ සම්බන්ධව නීති ප්‍රකාරව කටයුතු කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය නොමැති බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා, ඒ වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යොදා ගත හැකි බව සිය නිවේදනය මගින් සිහිපත් කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අනුමැතිය ලැබී ඇති බව අගෝස්තු 22 සදුදා හවස වන විට , පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව ජනමාධ්‍ය වෙත පවසා තිබුනි.

 

 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්