අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද තිබේ.


අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.


තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් රන්ජන් රාමනායක අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.


2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණි.

පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවන නඩුව ගොනු කර තිබිණි.

 

Ranjan later 2022.08.25

 

හෙට හෝ සඳුදා රන්ජන් ගෙදර - හරීන් කියයි




WhatsApp Image 2022 08 25 at 4.31.12 PM


රන්ජන් රාමනායක හෙට (26) හෝ සඳුදා (29) නිදහස්වන බව සංචාරක කටයුතු පිළිබඳ ඇමති හරීන් ප්‍රනාන්දු සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ වරද මත රන්ජන් රාමනායක බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවමක් විඳිමින් සිටිය දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රදානය කළ ජනාධිපති සමාව මත නිදහස් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් තිබිණි.

අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පසුගියදා පැවසුයේ රන්ජන් රාමනායක අධිකරණයෙන් විධිමත් ලෙස සමාව ගත් පසු ඔහුට නිදහස ලබා දීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කළ බවය.

රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අද (25) සමාව දිනයේ අධිකරණයෙන් විධිමත් ලෙස සමාව අයැද ඇත.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්