විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක විසින් භාර ගෙන ඇතැයි වාර්තාවේ.


ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, රන්ජන් රාමනායකට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට ඊයේ (26) රාත්‍රියේ මනුෂ නානායක්කාර සහ ආධාරකරුවන් සමග ගිය අතර එහිදී මනුෂ නානායක්කාර අමාත්‍යවරයා අදාළ තනතුර නිල වශයෙන් පිරිනැමීය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ද පැමිණි අතර තම අසල්වැසියා නිදහස් වීම ගැන සතුට පළ කළේය.



''වසර 07ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ'' - අධිකරණ ඇමති කියයි



 ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ රංජන් රාමනායකට පූර්ණ නිදහස හිමි වී නොමැති බවයි.

කිසියම් දේශපාලඥයකු මාස 06කට වඩා සිරදඩුවම් විද ඇත්නම් ඔහුට වසර 07කට ප්‍රජා අයිතිය අහෝසි වේ.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ සමාව හිමි වූයේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද හිමිවේ.

 එහෙත් රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හිමිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේය. ඒ අනුව, රංජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කිරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකිය.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රන්ජන් රාමනායකට ඉඩ ලබා දිය හැකි බවයි.



 මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ද නිදහස ලබා දීමේදී පළමුව මෙවැනි කොන්දේසි සහිත සමාවක් ලබා දී ඉන්පසුව පූර්ණ සමාවක් ලබාදුන් බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසිය. රංජන් රාමනායකට ඉදිරියේදී පූර්ණ සමාවක් ලබාදෙනු ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්