theleaderlk 01

2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (30) පාර්ලිමේන්තුවේදී සිදු වේ.


මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ සමාරම්භක කතාව අද පස්වරු 01 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව පාර්ලිමේන්තුව හෙට (31) දින පෙරවරු 09.30 දක්වා කල් තැබෙන අතර ඉන් පසු හෙට දිනයේ සිට ලබන 02 වන දින දක්වා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පවත්වනු ලබයි.

දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවන වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතය.

මේ අතර විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර එහිදී විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලබා ගනී.

අද පස්වරු 02ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබේ.

සංශෝධිත අයවැය සම්බන්ධයෙන් ඊයේ (29) නෙත් නිව්ස් වෙත අදහස් දැක්වූ සභානායක සුසිල් ප්‍රේමජයන්ත මෙසේ පැවසිය.


අද ඉදිරිපත් කෙරෙන සංශෝධිත අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  අදහස් පළ කළේය.


මෙම සංශෝධිත අයවැය මාස 04ක් සඳහා ඉදිරිපත් කෙරුණද එය දිගු කාලීන වැඩ පිළිවෙලක ආරම්භයක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියේය.


හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම වසර සඳහා ඉදිරිපත් කළ අයවැයට අනුව ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට රුපියල් බිලියන 2,796යි දශම 4ක මුදලක් ඇස්තමේන්තු කර තිබිණ.

නව සංශෝධනයට අනුව මෙම වසරේ ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට වෙන් කළ මුදල රුපියල් බිලියන 3,275 යි දශම 8ක් දක්වා වැඩි කර තිබේ. ඒ අනුව, අමාත්‍යාංශ සේවා කාල සඳහා වන වියදම් රුපියල් බිලියන 929යි දශම 4කින් වැඩි වී ඇත.

රජයේ ණය සේවා කරන වියදම රුපියල් බිලියන 2,623 සිට රුපියල් බිලියන 2, 901 ක් දක්වා වැඩි කිරීමට ද සංශෝධිත විසර්ජන පනත මගින් යෝජනා කර ඇත.


සබැඳි පුවත් :
ජනපති රනිල් ඉදිරිපත් කරන අයවැයෙන් මොකද වෙන්නේ?

නවතම පුවත්